මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ විය යුතුය. එහෙත් ඒ වෙනුවට ජනතාවගේ රීරිමාංස උරා බොන, ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන් උස්සා පොළොවේ ගසන තත්ත්වයක් පවතී නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.