කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.