IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉවත්වෙයි

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(23) දැනුම් දුන්නේය.

අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදීය.

පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව දැනුම් දුන් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුව පැවැත්වීමට තීරණය කෙරිණි.



අදහස් (11)

එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉවත්වෙයි

banda Monday, 23 November 2020 09:25 AM

අයියෝ ඔයා හැමදාම රනිල් එක්ක ඉන්නම ඕනෙ මනුස්සයෙක්... රනිල් හැමදාම අපගේ පක්ෂයේ නායකයා.

:       3       23

Kamal Monday, 23 November 2020 09:50 AM

මැරුණු පක්ෂෙකින් මහලේකම් ඉවත් වුණත් එකයි හිටියත් එකයි.

:       10       32

JayaMonday, 23 November 2020 12:41 PM

දවසේ කියමන...

:       0       10

GalaparaTuesday, 24 November 2020 06:25 AM

මෙයා තමයි පඹයෙක් වගේ ඉන්න රනිල්ව ඉස්සරහට දාගෙන එජාප එක නැත්තට නැති කළේ. සජිත්ට නායකත්වයට එන්න දුන්නේම නැහැ. සජිත්ට එජාපය දුන්නා නම් ... අද එජාපය ප්‍රබල පක්ෂයක්... එහෙනම් අද ආණ්ඩුවට 2/3ත් නැහැ.

:       1       2

Buddika Monday, 23 November 2020 09:55 AM

මේ දේ වසර 2කට පෙර කළා නම් අද සජිත් එජාපයේ. එජාපය විනාශ කළ ප්‍රධාන කෙනෙක් තමයි අකිල. බලයට ඇති කෑදරකම නිසා පක්ෂයේ ජනප්‍රියම නායකයින් ටික අහිමි කරගෙන ඉවරයි.

:       5       34

Pzthum Monday, 23 November 2020 10:17 AM

නායකයාටත් අස්වෙන්න කියන්න.

:       0       0

Hafeel Monday, 23 November 2020 12:36 PM

අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොලැබිලා ඇති.

:       0       12

Bandara Monday, 23 November 2020 01:19 PM

පුතාණෝ ආපහු ආවොත් එජාපයට සදාසොත්ති තමයි.

:       0       1

pradeepa Monday, 23 November 2020 02:31 PM

ඕවා කලින්ම කළා නම් මොකද වෙන්නේ? එහෙනම් අද එජාපය මෙතරම් පච වෙන්නේ නැහැනේ...

:       0       8

sharm warn Tuesday, 24 November 2020 04:05 AM

මන්ද මෙච්චර පමා? මනුස්සයෙක් වුණාම පුළුවන් දේවල් කරන්න ඕනෑ. මහලේකම් කියන්නේ වෙන වෙන දේවල් කරන එක නෙමෙයි.

:       0       3

isuru Wednesday, 25 November 2020 09:41 AM

ලොකු දෙයක්... පක්ෂය හා රට කාපු අය මීට කළින් එළවන්න තිබ්බේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site