(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(23) දැනුම් දුන්නේය.
අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදීය.
පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව දැනුම් දුන් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුව පැවැත්වීමට තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඔයා හැමදාම රනිල් එක්ක ඉන්නම ඕනෙ මනුස්සයෙක්... රනිල් හැමදාම අපගේ පක්ෂයේ නායකයා.
මැරුණු පක්ෂෙකින් මහලේකම් ඉවත් වුණත් එකයි හිටියත් එකයි.
මේ දේ වසර 2කට පෙර කළා නම් අද සජිත් එජාපයේ. එජාපය විනාශ කළ ප්‍රධාන කෙනෙක් තමයි අකිල. බලයට ඇති කෑදරකම නිසා පක්ෂයේ ජනප්‍රියම නායකයින් ටික අහිමි කරගෙන ඉවරයි.
නායකයාටත් අස්වෙන්න කියන්න.
අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොලැබිලා ඇති.
පුතාණෝ ආපහු ආවොත් එජාපයට සදාසොත්ති තමයි.
ඕවා කලින්ම කළා නම් මොකද වෙන්නේ? එහෙනම් අද එජාපය මෙතරම් පච වෙන්නේ නැහැනේ...
මන්ද මෙච්චර පමා? මනුස්සයෙක් වුණාම පුළුවන් දේවල් කරන්න ඕනෑ. මහලේකම් කියන්නේ වෙන වෙන දේවල් කරන එක නෙමෙයි.
ලොකු දෙයක්... පක්ෂය හා රට කාපු අය මීට කළින් එළවන්න තිබ්බේ.