
කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“කොවිඩ් අරමුදලෙන් 16% ක් වියදම් කරලා 84% ක් පොදි බැදගෙන ඉන්නෙ කුමක් වෙනුවෙන්ද? කොවිඩ් අරමුදලේ මිලියන 1640 යි. හැබැයි වියදම 268 යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් සියයට 16% යි”
“කොවිඩ් වසංගත තත්ත්වය විශාල අර්බුදයක් තියෙන අවස්ථාවකත්, විශාල අරමුදලක් සකස්වෙලා තියෙන වෙලාවක්. හැබැයි ‘කොවිඩ් වසංගත මැඩපැවැත්වීම සඳහා වැය කරලා තියෙන්නේ 16% ක වගේ සොච්චම් ප්‍රමාණයක්”
“එහිදී විශේෂයෙන් රෝහලක කෙනෙක් මියගිය හොත්, ඔහුට කොවිඩ් වයිරසය වැළදී ඇති බවට තහවුරු වුණොත් ඒ පවුල්වලට සිරුර දෙන්නේ නෑ. රෝහල විසින්ම එය ආදාහනය කරනු ලබනවා. හැබැයි මොකද කරන්නේ අර පවුලකින් රුපියල් 20,000 ක් ගන්නවා පෙට්ටියක් ගන්න. එක්කො පෙට්ටියක් ගෙනත් දෙන්න කියනාවා. එක්කො රුපියල් 20,000 ක් දෙන්න කියනවා. අසරණභාවයට පත්වෙලා තියෙන අයගෙන් කෙනෙක් මියගියාට පසුව”
“ගොඩක් නිරෝධානය වෙමින් තිබෙන ගෙවල්. සමහර තැන්වල ලොක්ඩවුන්වලට හසුවෙලා තියෙන ගෙවල්වල තමයි මේ මරණය සිදුවෙලා තියෙන්නේ. නමුත් රුපියල් 20,000 ක් ගෙවන්න ඕනෙ මෝචරියට. අඩුම තරම මේ අරමුදලින් මෙන්න මේකවත් කරන්න තමුන්නාන්සේලාට බැරිද?”
“කොවිඩ් අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මතුවී තිබෙනවා. 2020 නවවැනි මාස 30 වැනිදා වන විට කොවිඩ් අරමුල සතුව මිලියන 1640 ක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.”
“ගරු කථානායකතුමනි, එහි වියදම් වාර්තාවක් ලබාදී තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා මිලියන 100 ක් වෙන් කොට තිබෙනවා. හැබැයි වියදම් කරලා තියෙන්නෙ මිලියන 42 යි.
දැනුවත්කිරීමේ වැඩහටන්වලට මිලියන 100 ක් වෙන්කරලා තියෙනවා නමුත් වියදම් කරලා තියෙන්නේ මිලියන 24 යි”
“මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රසායනාගාර පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණයේ රැපිඞ් ටෙස්ට් කිට් එක වැඩි දියුණු කරන්න. මෙලෙස ගත්තම වැය කරන්න සූදානම් කරලා තියෙනවා මිලියන 268 ක්” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.
- 048
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් කම්පැණියකින් මෙයාට ගාණක් දීලා වගේ අරමුදලේ සල්ලි වලින් බෙහෙත් ගෙන්නන්න අවසර අරන් දෙන්න කියලා. මෙයා හදන්නේ ලෝකෙ කොහේවත් විදලා නැති බෙහෙතක් අපේ රටේ විදලා බලන්න කියලා මිනිස්සු උසිගන්වනවා. අන්තිමේ රටේම මිනිස්සු වඳවුණොත් හොඳට තියේවි...
මේ සල්ලි එකපාර වියදම් කරන්න කියලද කියන්නේ? තව කොච්චර කාලයක් මේ වසංගතය පවතීදැයි නොදන්නා තත්වයකදී ප්‍රවේශමෙන් වියදම් කරන එක ඥාණාන්විත ක්‍රියාවකි. හරියටම මේ දිනය වනවිට ලෝකයෙන් කොරෝනා අවසන් වන බව දන්නේ නම් පමණක් එම දිනයට පෙර වියදම් කර මුදල් අවසන් වූවාට නම් කම් නැත. කොරෝනා අවසන් වන දිනය අවිනිශ්චිත වන තරමටම මුදල් වියදම් කර අවසන් වන දිනයද අවිනිශ්චිතයි. කොහොමටත් බොරු හදිසියට වඩා විමසිලිමත් මන්දගාමීත්වය වඩාත් ආරක්ෂාකාරී වේ.
chandima, ඔයාගෙ මෝඩ කමට නම් තාම බෙහෙතක් හොයාගෙන නෑ. හරියට කියලා තියෙන දේ තේරුම් ගන්න. හැමදේම දේශපාලනය පැත්තෙන් බලන්න තරම් මෝඩ වෙන්න එපා..
චමින්ද, ඔයාලගේ සර් තමයි උසාවියට බයේ හිටියේ. මේ මිනිස්සු හොරු නෙමෙයි
මේ අරමුදලේ තියෙන්නේ පිටරටින් ලැබුණු ආධාර විතරක් නොවේ. අපේම දුප්පත් මිනිස්සු මාසෙ පඩියෙන් කොටසක් දාලා එකතු වෙච්ච අරමුදලක්... ඒ සල්ලිවලට මොකෝ වෙන්නේ කියලා හොයන්න මුළු රටේම මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මේ රටේ හැම මුදලක්ම ගසාකන පවුලක් ඉන්නකොට මේවා ගැන හොයලා නොලැබුණොත් මේ සල්ලිත් මීට කළින් මේ රටට ආව ආපදා ආධාර වගේ වාෂ්ප වෙන්නේ නැති බව තේරෙන්නේ නැති අයත් ඉන්නවනේ ඉතින්...
සුනාමි අරමුදලට වෙච්චි දේ වෙයි.
මේවා ගැන කවුරුන් හෝ ප්‍රශ්න කරනවා නම් කොච්චර එකක්ද? නැතිනම් අපි මොනවද දන්නේ මේවට පිළිගන්නවද කියලා...?
ගැසට් එක ගහලා මාසෙකට පස්සෙ කරල පැහෙනකන් ඉන්න කියන ආණ්ඩුවක් මේක. දැන් ඡන්දයක් තියලා බලන්න බයියන්නට මොකද වෙන්නේ කියලා...