
(තිලිණි ද සිල්වා)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කරන ලදී.
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට එම නඩුව පවරා තිබුණි.
ඒම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බවය.
ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට බාර දෙන ලදී.
එමෙන්ම මෙම නඩුවේ ඇප ලබාදුන් අවස්ථාවේදී සෑම මාස තුනකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට අධිකරණය මඟින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය තම සේවාදායකයා මේ දක්වා කඩකර නොමැති හෙයින් එය ද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාගේ එම ඉල්ලීම්වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධත්වයක් නොදැක්වූයේය.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසත් නියෝග කරන ලදී.
කෙසේවෙතත් විදෙස්ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්., දැන් මොකට රටින් පනින්නද? ලොකුම පුටු දෙකේ ඉන්නේ ගෙදරම මිනිස්සු වෙච්චි කොට.... අපි කාටද බය? අපිට කවුද බය..?
දැන් ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... නේ...
දැන් මල්වාන ඉඩමේ ප්‍රශ්නයත් ඉබේටම විසඳේවි.
අර අයිතිකාරයෙක් නැති මල්වානේ ගේ විතරක් නෙමේ, ඒ ගමම මොහුට ලියලා දුන්නත් අපිට මොකද? එහෙම නැත්නම්, ලංකාවේ, බූරුවන්, ඔටුවන් හා කොටළුවන්ට පාලකයින්ගේ බර අදින්න බැරිව අපරාදේ දුක්වෙනවා.
20 අරගෙන නවන නැවිල්ලට කනත් එක්ක හිරවෙනවා. රෙස්පෙක්ට් සර්...
එක රටක්, එක නීතියක්... නන්දසේන රටේ අසාර්ථකම නායකයා.
සර් පාස් එකම විෂය පවුල් සංස්ථාව...
මෛත්‍රී, රනිල් යුවලට සාපයක්... මේ නඩු ටික කල්මරමින් ඇදලා දුන්නාට...
මේවා වෙන බව අපි දැනසිටියත් මෝඩයින් දැනගත්තේ නැහැ. දැන් රට අයිති ඔවුන්ටයි. පරපුරටයි. නීතියත් ඔවුන්ගේමයි. රට ආපස්සට... රාජපක්ෂලා ඉදිරියට...
ඒ ගොල්ලන්ගේ හැම තහනමක්ම ඉවත් වෙනකොට ජනතාවට හැම එකක්ම තහනම් වෙනවා.
නඩුයි බඩුයි...
දැන් ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... නිකම් බොරුවට කෝර්ට්ස් යනවා. ඔයා තවත් ජනතාවගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව නිදහස් කියන්න කවදා හරි ඕක තමයි වෙන්නේ...
‘‘වැටත්, නියරත් ගොයම් කා නම්‘‘ නීතියක් නැති රටක්...
අවුලක් නැහැ. පවුල් පාලනේ රජ කරනකම් ආයේ කවර කතාද.
කලබලෙන් පනින්න සූදානම් වෙන්නේ කොවිඩ් හින්දා... රට බංකොලොත් වෙන්නද යන්නේ?
රජයේ නීති නිලධාරීයා විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ කොහොමද? එහෙම උනොත් තමයි පුදුමේ...
විධායකට ඕනෑ විදිහට නටන අධිකරණයක් ලබන්න ලංකාව කොයිතරම් වාසනාවන්තද?
පුදුමයි... ඇයි දැන්? අපි හිතුවේ ඊළඟ දවසේ ඔබගේ සහෝදරයා පැමිණීමෙන් පස්සේ සිදුවෙයි කියලා.
ඕක කියන්න දෙයක්ද ඉදිරියේ ලංකාවේ විධායක ජනාධිපති තමයි බැසිල් රාජපක්ෂ.