හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට සහ නීතිපතිවරයාට නියෝග කළේය .