
ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරීහු පවසති.
බාමියන් නගරයේ ප්‍රධාන කඩමණ්ඩියක මාර්ගයක් අසල බෝම්බ දෙක සඟවා තිබී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අය අතර රථවාහන අංශයේ පොලිසි නිලධාරීන් දෙදෙනකු සිටින අතර අනෙක් අය සිවිල් වැසියෝ වෙති.
ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායමක් වන තලේබාන්වරුන් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවුවද ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සටන්කරුවන් අතර ඇතිවූ සටන් වලින් මේ වසරේ මුල් මාස නවය තුළ සිවිල් වැසියන් 6,000කට අධික සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.
මේ අතර අද (24) ජිනීවා නුවර පැවති සමුළුවකදී රටවල් 12 ක් පමණ ඇෆ්ඝනිස්ථානයට ඩොලර් බිලියන ගනනක ආධාර ලබා දීමට පොරොන්දු වී තිබේ.
ඇෆ්ඝනිස්ථාන රජය සහ තලේබාන් කැරළිකරුවන් අතර යුද්ධය අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුව හමුවේ මෙම ආධාර ලැබෙනු ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිනි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd