ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතාට බලය පැවරීමට කැමැත්ත පළ කර ඇත.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් (රාජ්‍ය) ආයතනවලට කටයුතුවලට සහාය දෙන රාජ්‍ය සේවා පරිපාලන ආයතනය ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස ඊයේ (23) නිවේදනය කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්විණි. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහාකයා ජෝ බයිඩන් යැයි එරට ප්‍රධාන පුවත් සේවා ඉන් දින කිහිපයකට පසු නිවේදනය කළේය. කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය බාරගැනීම ප්‍රතික්ෂේප කළ අතර ධවල මන්දිරයේ බලය පැවරීමේ සියලු සම්ප්‍රදාය උල්ලංඝණය කළේය.
බලය පැවරීමේ ක්‍රියාවලියට සහාය දෙන්නැයි සිය කණ්ඩායමට උපදෙස් දුන්නේ යැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව සටන් වදින්නේ යැයි අවධාරණය කළේය. ජනාධිපතිවරණයේදී බරපතළ වංචා සිදු වූයේ යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කරයි. කෙසේ නමුත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වාදෙති. ඉන් පැය කිහිපයකට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ ද පැවැසීය.
‘‘ව්‍යාජ ඡන්ද පත්‍රිකාවලට අපි පරාජය බාරගන්නේ නැහැ’’.
එසේ වුවත් රාජ්‍ය සේවා පරිපාලන ආයතනයේ ප්‍රධානී එමිලි මර්ෆි ඊට පරස්පර ප්‍රකාශයක් කර තිබුණාය. රාජ්‍ය සේවා පරිපාලන ආයතනය ජෝ බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා යැයි තීරණය කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘‘නීතියට’’ සහ ‘‘කරුණු’’ පදනම් කරගෙන යැයි ඇය සඳහන් කළාය.
‘‘මා මේ බව කාරුණිකව ප්‍රකාශ කළ යුතුයි. මම මේ තීරණයට පැමිණියේ ස්වාධීනවයි. මෙම තීරණය ගත්තේ නීතිය සහ කරුණු පදනම් කරගෙනයි. ධවල මන්දිරය, රාජ්‍ය සේවා පරිපාලන ආයතනය සහ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක හෝ වෙනත් තැනක කිසිදු නිලධාරියකු මට සෘජුව හෝ වක්‍රාකාරව හෝ මගේ තීරණයට බලපෑම් කළේ නැහැ’’ යැයි එමිලි මර්ෆි තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ට ලිපියක් යවමින් සඳහන් කර ඇත.
බලය පැවරීම සඳහා ඉඩකඩ සලසන්නැයි ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් අයගෙන් පසුගිය කාලයේදී එමිලි මර්ෆිට දැඩි පීඩනයක් එල්ල විය. ඇමෙරිකාවේ තීරණාත්මක ජනපද කිහිපයක ප්‍රතිඵලය අභියෝග කරමින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළ අතර ඔහුගේ ඇතැම් උත්සහායන් අසාර්ථක වී ඇත.
ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පෙන්සිල්වේනියා ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් නඩුවක් පැවරූ අතර එම ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරයකු එම නඩුව නිෂ්ප්‍රභ කළේය. මිචිගන් ජනපදය ද මේ වනවිට ජෝ බයිඩන්ගේ ජය තහවුරු කර ඇත.
එමිලි මර්ෆි ජෝ බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස ප්‍රකාශ කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බයිඩන්ගේ කණ්ඩායමට සහ තේරී පත්වූ උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ කණ්ඩායමට රජයේ නිලධාරීන් හමුවීම, ෆෙඩරල් අරමුදල් (රජයේ මුදල්) ලබාගැනීම යන කටයුතු ප්‍රමාද කිරීමට සිදුවිය. විශේෂයෙන්ම ලබන වසරේ ජනවාරි 20 වැනිදා තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කිරීම ද ප්‍රමාද විය.
(රොයිටර්/ඒ.එෆ්.පී.)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් කියන්නේ පුද්ගලික නඩු ගණනාවක් තියෙන පුද්ගලයෙක්. ඒවා සේරටම වගේ කතා කරන්නේ ගුග්ලියානි මහත්තයා. එයාට ඒ නඩු වෙනුවෙන් ගෙවන්න කෝටි ගාණක් අවශ්‍යයි. ට්‍රම්ප් මෙදාපාර කළේ පරදින ඡන්ද නඩුවකට ආධාර කාරයන්ගෙන් සල්ලි එකතු කරලා කෝටි ගුග්ලියානි මහත්තයාටම ඒ නඩුවත් බාර දීලා ගුග්ලියානි මහත්තයාට තිබුණ පරණ හිඟ මුදල් පියෙව්වා කියලයි මට නම් හිතෙන්නේ...
තුන්වන ලෝකයේ සමහර රටවල් වගේ නොවේ ඇමරිකානු ජනතාවත් සමග ඕනෑම දඩබ්බර පාලකයෙකු හට ඒ සෙල්ලම් දමනවා බොරු. අන්න ඒකට තුන්වන ලෝකයේ සමහර රටවල්... ඡන්ද කාලෙට මෝඩ මිනිස්සුන්ට ජාතිවාදී, ආගම්වාදී මෝඩ චූන් දීලා කෙසේ හෝ රවටා ඡන්දය ගන්නවා. ඉන්පසු ඒ මිනිසුන්ව ගවරැළ වගේ දේශපාලකයන් දක්කාගෙන යනවා. මිනිසුන් වලිගය නැති වුණාට ගවයන් සේ තණ කොළ කකා ගොම ගාගෙන දේශපාලකයින් හා යනවා. කරුමෙ කියන්නේ ඒ හරක් තමන් හරකුන් බව, වහලුන් බව නොදැන සිටීමයි. අා උගතුන්ට සමච්චල් කොට නූගතුන්ට විසිල් ගහනවා. තවත් දේ බොහෝමයි. හුරේ ... ඔහොම්ම යන්..