
( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.
කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇත.
එම පුද්ගලයින් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.
සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොත් නිරෝධායනයට අහු වෙච්චි නැති කට්ටියක්ද? කොහොමද රට ඇතුලට ඇවිල්ලා තියෙන්නේ...?
ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් වැඩි හින්දද ඉන්දියන් කාරයින් මෙහෙ වැඩ කරන්නේ..? මහ පිස්සන් පාලනය කරන රටක් මේක...
රැකියා අර්බුදයට හේතු තමයි...
සමාගමේ නම කියන්නේ නැත්තේ අනිත් මිනිසුන්ටත් බෝ කරන්නද.?