
දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 2270 ක මුදලක් සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි සඳහන් පුවතක් ඉකුත් දා වාර්තා විය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ආදී අත්‍යවශ්‍ය කාරණා සඳහා මෙම මුදල් ඉල්ලා තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ගුවන් සමාගමක් යනු පාඩු ලබන ආයතනයක් නොවිය යුතුය. එය සෑහෙන තරමේ ලාභයක් සහිතව පවත්වාගෙන යා හැකි ආයතනයකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉතිහාස කතාව අතිශයින්ම ඛේදනීය වේ. එය ආරම්භයේ සිටම පාඩු ලබන ආයතනයකි. අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය නිසාම එම ඉරණමට එම ආයතනය ගොදුරු වී තිබේ.
කොරෝනා මාරක වසංගතය හමුවේ ගුවන් ගමන් සංචරණය නැවතීම මෙවර අත්‍යවශ්‍ය වියදම් සඳහා හෝ ආදායමක් නොමැති වීමට හේතුවකි. එම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණක් නොව ලෝකයේ සෑම ගුවන් සමාගමකටම පොදු තත්ත්වයකි. කෙසේ වෙතත් මෙබඳු අවස්ථාවකදී නඩත්තු වියදම් පියවා ගැනීමට සමත් ඉතුරුවක් ගුවන් සමාගමකට තිබිය යුතුය. නිසි කළමනාකාරිත්වයක් වේ නම් එය අපහසු ඉලක්කයක්ද නොවේ. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉතිහාසයක් පුරා එම අනගි නායකත්වය නොලැබීමේ තාර්කික පංගුව අද ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් ඔක්තෝබර් මාසය දක්වා පියවා ගැනීමට රුපියල් කෝටි 1385 ක් ඉකුත් අප්‍රේල් මාසයේදී මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබේ. රුපියල් කෝටි 2270 ක මුදල ඉල්ලා තිබෙන්නේ එයට අමතර වශයෙනි.
රටේ මහා භාණ්ඩාගාරයට බරක්වන ආයතන රාශියක් තිබේ. ලංගම, දුම්රිය, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ අතර ප්‍රධාන වේ. ලංගම සහ දුම්රිය සේවා සපයන ආයතන වුවද පාඩු නොලැබ පවත්වාගෙන යා හැකිය යන්න අසත්‍යයක් නොවේ. එහෙත් මෙම ආයතන බලයේ සිටින දේශපාලන පක්ෂයේ ශාඛා කාර්යාලයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මහජනයාට ඔසොවාගෙන යාමට සිදුවී තිබේ.
2010 – 2015 අතර කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්‍රියාකාරකම් පරික්ෂා කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. සෑම කාලයක් සඳහාම විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කර විමර්ශනය කළයුතු බොහෝ දේ අන්තර්ගතය. එහෙත් පෙර වැරැද්දම නැවත නැවත සිදුවනවා මිස තත්ත්වය යහපත් අතට පත් නොවීම ඛේදවාචකයකි.
අප රටේ බරපතළම ප්‍රශ්නයක් වන්නේ සියල්ලටම පෙර දේශපාලන සුදුසුකම සලකා බැලීමය. යම් ආයතනයක වගකීමක් යම් අයකුට පවරන්නේ නම් එම විෂය සම්බන්ධ විශේෂඥ දැනුමක් එම පුද්ගලයාට තිබේද යන්න විමසා බැලිය යුතුය. විශේෂඥ දැනුම තිබුණද පරිපාලන හැකියාව තිබේද යන්න විමසිය යුතුය. මේ සියල්ලෙන්ම සපිරි දක්ෂයන් සිටීද යනුවෙන් අතුරු ප්‍රශ්නයක් යමෙකුට මතු කළ හැකිය. එහෙත් ඒවා ප්‍රශ්න නොවේ. එබන්දෝ සිටිති. එහෙත් ඔවුන්ට දේශපාලන සුදුසුකම් නැත. එහෙයින් අවස්ථා හිමි නොවේ.
දේශපාලන සුදුසුකම් මත පත්වීම් ලබන්නෝ එම ආයතනය තමන්ට ලැබුණු නින්දගමක් යැයි සලකා කටයුතු කරති. ඔහු ළංකර ගන්නේද තමන්ට ආවතේව කරන තම මතය ඉස් මුදුනින් පිළිගන්නා දේශපාලන බත්බැලයන් පමණි. රාජ්‍ය ආයතන විනාශයකරා ගමන් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 2270 ක මුදලක් ඉල්ලා සිටින්නේ එම ආයතනයේ නඩත්තු කටයුතු වෙනුවෙනි. මේවා මහජන මුදල්ය. ඒවා පරිහරණය කළ යුත්තේ ඉමහත් වගකීමෙනි. එහෙත් එම වගවීම නොමැතිකම රජයේ සේවයේ ආවේණික ලක්ෂණයකි. එම ආවේණික ලක්ෂණ එලෙසින්ම තිබියදී ගමන් කරන්නේ නම් මේ ආයතනවල බරද ඔසොවාගෙන යාමට ජනතාවට සිදුවනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විනාශය මුලින්ම කළේ ලොකු අප්පු... 35 දෙනෙකු එක්ක එංගලන්තයේ සවාරි ගිහිල්ලා. ලොකු අප්පු පළමු පන්තියේ ටිකට් 35 ඉල්ලලා එන්ගලන්තේ ඉඳලා ලංකාවට එන්න හදලා තියෙන්නේ.
දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි නේද? මේකේ පාලනය කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන එක කළ යුතුයි කියලා... පටන් ගත්ත දා ඉඳලාම පාඩුයි...
එමිරේට්ස් සමග මගී පාලනය වුණු කාලේ මෙයා ලාබ ලැබුවා... ආණ්ඩුවට ගත්ත දවසේ ඉඳලා පාඩු. මුලින් අවුරුදු වල පාඩුව වසරකට රුපියල් කෝටි 1000-2000 අතර.. දැනට අවුරුදු 4-5 සිට පාඩුව රුපියල් කෝටි 2000-3000 අතර මේක පවරාගෙන දැන් අවුරුදු 10ක් වෙනවා. පාඩුව රුපියල් කෝටි 15000-18000 අතර ප්‍රමාණයක්... මෙම මුදල් යොදවලා ලංගමට බස් ගෙනාවා නම් අපේ ප්‍රවාහන ප්‍රශ්නවලින් 80% පමණ විසඳා ගන්න තිබ්බා.
බූරුවන්ගෙන්, ඔටුවන්ගෙන් සහ හරක්ගෙන් බර අද්දවා ගන්නේ නැතිව වෙන මොනවා කරන්නද? ඔය සිරි ලන්කන් කියන එක හැමදාම මංකොල්ල කාරයින්ගේ සන්තකයේ තමයි තිබුනේ? ඉතින් කොහොමද ලාබ ලබන්නේ? ඒ මොන පාඩු ලැබුවත් බත් කන බූරුවන් ජාතික ගුවන් සේවයේ අභිමානය ගැන උජාරු වෙනවා. අනේ පව්!! වෙන ඉතින් මොනවා කියන්නද මොලයේ හැටියටනේ වැඩ...
ඉතාමත් සාරගර්භ වටිනා කරුණු ඇතුළත් ලිපියක්. මෙහිදී වැඩිදුරට සිතා බැලුවහොත්, පෙනීයන කරුණක් තමයි කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එයින් ලාභ නොලබා මහා භාණ්ඩාගාරයෙන් කෝටි ගණනින් ආධාර මුදල් ඉල්ලන්නේ නම්, ඒ්වනි ව්‍යාපාර තවදුරටත් පවත්වා ගෙනයාම කළයුතුද යන්නයි. තමන්ට හිතවත්, එහෙත් නිසි සුදුසුකම් නොමැති, දේශපාලන හිතවත්කම ඉහළින්ම ඇති ගැත්තන් පත්කරගැනීම නිසා නැති නාස්ති වනුයේ රටේ මුදල්ය. දුම්රිය, ලංගම ආදියද මේවාට නිදසුන් බව සැබෑය. දේශපාලකයන් හා ඔවුන්ගේ පුරොහිතයන්ද, නෑයන්ද, බුරුතු පිටින් රට සවාරි යාමෙන්ද ගුවන් සමාගම් පාඩු ලැබීමට බලපානා තවත් සාධකයකි. මෙවන් ආයතන අහෝසිකොට දමන්නේ නම්, ඒවායේ පාඩු වලින් රටේ මුදල් නාස්තිවීම සිදුනොවනු ඇත. එසේ උවහොත්, තම නෑ හිතවතුන්ගේ රිසිසේ පෝෂණය වීමට මාර්ග සැලසිය නොහැකිවනු ඇත. දේශපාලකයන් ට එය සිදුකළ නොහැකි දෙයකි. පිරිසිඳු සත්‍යය එයයි. අපි මොනතරම් අවාසනාවන්ත මිනිසුන් වෙමුද ... ?
මැනේජ්මන්ට් එකේ ඉන්න අය පුටු රත් කරන අයට ලක්ෂ ගණන් ගෙවනවා නේද.
ජාතික අභිමානය රකින්න බිලියන් ගණනන් වැය කර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ ආකාරයට ඉදිරියටත් පවතවා ගන්න ඕනද අසරණ ජනතාවට බර පටවා අභිමානය රකිනවද නැහැ ලෝකයේ තවත් ගුවන් සමාගම් තිබෙනවා යම් කෙනෙකුට රටින් පිට වෙන්න සහ රටට ආපසු එන්න.
ගරු මහත්යාණනි, ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ලබාදෙන මැද පෙරදිග ශ්‍රමිකයින් මවූබිමට පැමිණීමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ වාර්ෂික නිවාඩු ලබා, රැකියාවෙන් ඉවත් වී හෝ අසනීප තත්වයන් මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ගැටළු රැසකට මැදිහත්ව සිටියි. අසල්වැසි ඉන්දියානු ජාතිකයින්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුළත විශාල ලෙස වසංගත තත්වය පැතිරී ඇති බැවින්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම තුළින් රට තුළ covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබූ මතය තවදුරටත් පදනම් විරහිත කරුණක් බවට පත්ව ඇත. එමනිසා ගුවන් තොටුපල විවෘත කර විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට පැමිණීමට ඉඩ ලබාදී, ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයන් නිරෝධායනයට ඉඩ ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මීට අසරණ භාවයට පත්, ශ්‍රී ලාංකිකයින්...
වංක බුරුවන් (වංක බුරුවන් කොළ පාටද නිල් පාටද රතු පාටද අදාළ නැත ) පාලනය කරන්නේ කුමක්ද එය අගාදයට යන බවට මෙය කදිම උධාහරණයකි..
පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට ගෙනයනවා කිව්වට කිසිම සාර්ථක ගමනක් යාමට ජනාධිපතිතුමාට ලැබෙන ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.
පහුගිය කාලේ පැමිණි නිල්, කොළ, රතු ඇතුළු සෑම ආණුඩුවක් යටතේම මේක පාඩු ලැබුවා. එමිරේට්ස් යටතේ පාඩු ලැබුවා. මේක කරන්න පුළුවන් පුද්ගලික අංශයට පමණයි. මේක අවුරුදු 10ක් පුද්ගලික අංශයට බදු දෙන්න.
අපි චීනයට පවරමු... චීන කොළණියක් හැටියට කරගෙන යන්න කියලා.
සෙනෙවිරත්න මහත්මයා. මම රතු කියලා කිව්වේ වාමාංශිකයන් ලෙස තමන් විසින් හඳුන්වාගෙන පාර්ලිමේන්තුවේ සිටින වාසු වැනි පුද්ගලයන්...
නූගත් දේශපාලකයින්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ...?
ඔය මල ජරාව වහලා දැම්මා නම් ඉවරයිනේ. කාලයක් එමිරේට්ස් එක්ක ලාබදායක ලෙස මේ ආයතනය පවත්වාගෙන ගියා. ඒ කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂට වහාම එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙන්නට ආසන 100ක් විතර වහාම දෙන්නට නොහැකිවීම නිසා (මහින්දට සහ තව කීප දෙනෙකුට ආසන දියහැකි බව කීවත් මහින්ද මස් රාත්තලම ඉල්ලා සිටියා) ඔහු ලංකාවට පැමිණි වහාම එමිරේට්ස් ආයතනයත් සමග තිබූ ගිවිසුම අවලංගු කළා. මේ ආයතනය ඉහළටම ඔසවා තැබූ පීටර් හිල්ස් මහත්මයාව සභාපති ධුරයෙන් අයින්කළා. ඔහු එංගලන්තයට ගොස් පසුව පාඩු ලබමින් තිබූ වෙනත් ගුවන් සේවයක ඉහළම තනතුර ලබා ඒ ගුවන් සේවයත් ඉහළටම ඔසවා තැබුවා. රාජපක්ෂලාගේ උද්දච්චකම නිසා අපේ ගුවන් සේවය ආයෙත් නොනැගිටින ලෙසම වැටුණා..