’ආර්ථිකයට සිදුව ඇති බලපෑමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි චීන මහ බැංකුවේ නිලධාරියෙක් අද පැවැසීය. 22 March 2020
නෙදර්ලන්තයේ දිනක් තුළ කොරෝනා මරණ 43ක් නෙදර්ලන්තයේ කොරෝනා වයිරසය ආසාදිත මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ 43කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 179කි. 22 March 2020
හෙට-අනිද්දා කොටස් වෙළෙඳපොල නිවාඩු කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි. 22 March 2020
ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැංකු ශාඛා, හෙට (23 වැනිදා) දිනයේ පැය දෙකක කාලයක්වත් මහජනයාගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී. 22 March 2020
නාවික හමුදාව රාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අලුත්වැඩියා කරයි රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22) කටයුතු කෙරිණි. 22 March 2020
ඇඳිරිනීතිය අස්සේ මැණික් ගැරූ 10 ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය පැවතියේ දී අද (22) බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයේ මැණික් ගැරූ පුද්ගලයින් දස දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි. 22 March 2020
ඉතාලියේ කොරෝනා මැඩීමට කියුබානු වෛද්‍යවරුන්ගේ සහාය කොරෝනා වයිරසය දරුණු ලෙස හානියට පත්වූ ඉතාලියේ ලොම්බාර්ඩි කළාපයේ සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක් යැවූ බව කියුබාව පවසයි. 22 March 2020
කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද ඔවුන් සති 12කට ආසන්න කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය රජය පවසයි. 22 March 2020
කොරෝනා නොතකා ඔලිම්පික් ගිනිසිළුව බලන්න පොදිකති ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ අවදානම නොතකා ඔලිම්පික් ගිනි සිළුව නැරඹීම සඳහා දසදහස් ගණන් ජනයා සතිඅන්තයේ ඊසානදිග ජපානයට රැස්වෙමින් සිටිති. 2020 ඔලිම්පික් උලෙළෙහි සමාරම්භක උත්සවය සඳහා පසුගිය සිකුරාදා දිනයේදී ඔලිම්පික් ගිනි සිළුව එහි ගෙන එන ලදී. 22 March 2020
ඉන්දුනීසියාවේ දිනයකදී මරණ 10 ක් ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිත මරණ 10ක් අලුතින් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් 64 දෙනකු තහවුරු කරගෙන තිබේ. 22 March 2020
ඕස්ට්‍රේලියාව සියලු අත්‍යවශ්‍ය නොවන සේවා අත්හිටුවයි කොරෝනා වෛරසයේ පැතිරීම වර්ධනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සියලු අත්‍යවශ්‍ය නොවන සේවා මේ වන විට අත්හිටුවා තිබේ. 22 March 2020
කොරෝනා ආසාදිතයන්ගේ ඉවතලන ද්‍රව්‍ය පුළුස්සන්න කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස්වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ පොදු කසළ කඳු වලට මුදා නොහැර ගෙවත්තෙම පුලුස්සන්නයැයි බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි. 22 March 2020
මැලේසියාවේ නව ආසාදිතයින් 123ක් මැලේසියාවේ පසුගිය පැය 24 ඇතුළත කොරෝනා වයිරස නව ආසාදිතයින් 123ක් වාර්තා වී තිබේ. ඒ අනුව ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1 306ක් බවට පත්වී ඇත. 22 March 2020
ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ. 22 March 2020
කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවත රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වීමේ ලක්ෂණ බවට සැකපිට, කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කළ බව කල්පිටිය පොලිසිය කියයි. 22 March 2020
ඇඳිරි නීතිය කඩ කළ 790 ක් අත්අඩංගුවේ ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 790 දෙනෙක්ම දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි . 22 March 2020
ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ 42 හැවිරිදි පුද්ගලයෙකු අද (22) බෝගහගොඩ කබරගලදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි. 22 March 2020
’අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා දෙනවා’ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ප්‍රාදේශීය, කෝප්සිටි සහ තොග ගබඩා 45 කින් ජනතාවට ලබාගත හැකි බව කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා අද (22) පැවති සාකච්ඡාවකදී පැවසීය. 22 March 2020
උතුරේ දිස්ත්‍රික්ක 5 ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු (24) අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි 22 March 2020
කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සඳහා 10 දින අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද(22) දින සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බව ද ඒ මහතා කීවේය. 22 March 2020
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම් විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ. 22 March 2020
නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බැලීමෙන් පසුව පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇත. 22 March 2020
ඉන්දියාවේ සිටි වන්දනාකරුවන් 1500 ම ගෙන්වාගනී වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය තීරණය කළායින් පසුව දඹදිව වන්දනා සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1500 දෙනෙකු ආපසු දිවයිනට ගෙන්වීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 22 March 2020
සංගක්කාර ස්වයං-නිරෝධායනයට ලන්ඩන් නුවර සිට මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීම සැලකිල්ලට ගනිමින් තමන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා පවසයි. 22 March 2020
සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ඉල්ලුම්කිරීම විද්‍යුත් ක්‍රමයට උද්ගතව ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ඉල්ලුම්කරන්නන්ට විද්‍යුත් ක්‍රමය ඔස්සේ තම ඉල්ලුම්පත්‍ර කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමුකරීමට ක්‍රමයක් සකස් කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. 22 March 2020
භාණ්ඩ අපනයනය කළ නොහැකි ව්‍යාපාරිකයන්ට ඇමැතිගෙන් සහනයක් වර්තමානයේ රට පවතින තත්වය හේතුවෙන් දැනටමත් අපනයනයට සූදානම් කර ඇති භාණ්ඩ අපනයනය කළ නොහැකිව සිටින ව්‍යාපාරිකයක් සඳහා සහනයක් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාරය හා නාවික කටයුතු මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 22 March 2020
කොරෝනා ආසාදිතයන් 7ක් වැලිකන්ද රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය. 22 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. 22 March 2020
හිඟයකින් තොරව සහල් බෙදාහැරීමට සියලු පියවර ක්‍රියාත්මකයි මහජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් හිඟයකින් තොරව මිලදී ගැනීමට සහ රට පුරා බෙදාහැරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා අද (22)පැවැසීය. 22 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026