
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය.
දර්ගානගරයේ පදිංචි ආසාදිත දෙදෙනා ඉකුත් 24දා කොවිඩ් ආසාදිත බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සොයුරිය සහ පුත්‍රයා බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සහ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අලුත්ගම පොලිස් ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
කොවිඩ් ආසාදිත බව තහවුරු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, පළමුව කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ඉදිරි අසුනේ ඉකුත්දා පැවැති මාසික සභා රැස්වීමේදී අසුන් ගෙන සිටි බව බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුස්මන් ද සිල්වා මහතා පැවසීය.
දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට යොමු වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ සෙසු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායමට කොවිඩ් ආසාදනය වී නොමැතිබව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරෙස්සම් වෙන්න.
පාර්ලිමේන්තුවට ගිහින් පිනක් කරගන්න කැමැතිද?