IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි

(බන්දුල ඉලේපෙරුම)

නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.

එසේම ක්‍රීඩා පාසල් 10කට කෘතිම ධාවන පථ 10ක් ලබාදීමටද නියමිත බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

“සනත් ජයසූරිය එදා හයේ පහරක් ගහනකොට හතරේ පහරක් ගහනකොට මුළු රටම අත්පොළසන් දුන්නා, මුත්තයියා කඩුලු ගනිද්දී මුළු රටම සතුටු වුණා. ෆර්විස් මහරුෆ් විකට් ගනිද්දී හයේ හතරේ ඒවා ගහද්දී කවුරුත් බැලුවේ නෑ ගම කොහෙද? ජාතිය මොකක්ද කියලා. ක්‍රීඩාව කියන්නේ අපිව හැමදාම එකතු කළ මහා පොදු සාධකය. සුසන්තිකා එදා සිඩ්නිවලදී මීටර් 200 දුවද්දී තත්පර 22කට මුළු රටම එකට එකතු කළා. නමුත් මෙතන කරුණාකරන් මන්ත්‍රීතුමා ජාතිවාදය අවුස්සමින් කථා කළා. එදා එල්ටීටීඊ සංවිධානය උතුරේ තරුණයන් අතට බෝම්බ දෙනකොට බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලනකොට බකන්නිලන් හිටපු අය අද උතුරේ තරුණයන්ට වන අසාධාරණය කථා කිරීම හාස්‍යයට කරුණක්” යනුවෙන් ද ප්‍රමිත බණ්ඩාර තෙන්‍නකෝන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

එසේම කරුණාකරන් මන්ත්‍රීවරයා කියූ ආකාරයට ජාතික තරුණ සේවා සභාවේ ඉහළ නිල තල කිසිවකට ද්‍රවිඩ ජාතිකයකු නැති බව කීම වැරදි බවත් අජන්තන් සිවදාසන් නමැති තරුණයා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.

මේ අතර මෙවර එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූවකු බව සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කියා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේය.



අදහස් (6)

ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි

MO77 Saturday, 28 November 2020 09:53 AM

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අංශය, පාසල්, විශ්ව විද්‍යාල සඳහා ආයෝජනය කළ යුතුයි. ලංකාවට ප්‍රමාණවත් ක්‍රීඩාංගණ තිබෙනවා.

:       3       34

නදුනි Saturday, 28 November 2020 10:03 AM

යන්තං ඇති රටේ දැවෙන ප්‍රශ්න සේරම විසඳෙනවා, අනේ මගෙ කට.

:       4       28

rana Saturday, 28 November 2020 10:24 AM

ඔවැනි ආකල්පයන් පෙරදා, අද කාසි, ඔය කියන නෝනා අපොයි පෙරදා කාසි නිසා නටපු නැටුම්, මහත්තයා සුපිරි ක්‍රීඩා නමුත් කාසි නිසා තහනමට ලක් වුණු කෙනෙක්..., අපට අපේ මව්බිම නාමයෙන් ආඩම්බර, සල්ලි දෙවැනිව මතය දරන ක්‍රීඩකයින් නැද්ද?

:       6       20

සේන Saturday, 28 November 2020 10:33 AM

එයාලා කියන්නේ ඊලාම් සිහිනයේ ඉන්න අන්තවාදීන් නෑ කියලා වෙන්න ඇති.

:       3       7

විජේ Saturday, 28 November 2020 04:25 PM

තියන සල්ලි ඔක්කොම බොරු දේවල්වලට නාස්තිකරන්න එපා මේ වෙලාවේ... ඔයිට වැඩිය කොච්චර වැදගත් දේවල් තියනවද ඔය සල්ලි වියදම් කරන්න. මේ පාරත් තමුන් නාගන්න යන්නෙ නාමල්, බාප්පවත් ගිල්ලලාම...

:       0       0

athula Sunday, 29 November 2020 06:29 AM

ප්‍රමිත මහත්තයෝ, අපිනම් තවමත් ජාති භේදයකින් තොරව තමයි සෑම දෙනෙක් දිහා බලන්නේ. ඒත් මේ දේශපාලකයෝ මැතිවරණ ළංවුණාම ජාති භේද වපුරලා. රට නන්නත්තාර කරනවා. ඉස්සෙල්ලාම ඒවා හදාගන්න බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site