සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය.
පොලිස්පති ධුරය සඳහා වික්‍රමරත්න මහතා නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ අතර ඉකුත් 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඔහු ඔහු එම තනතුර සඳහා නිර්දේශ කළේය.
වසර 33 ක සිය සේවා කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු ලෙස නම් දරා සිටින වික්‍රමරත්න මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, මේ වසරේ මාර්තු මාසයේදී එම ධුරයෙන් විශ්‍රාම ගත් අතර වික්‍රමරත්න මහතා දිගටම වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
නොකඩවා මාස 19 ක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සේවය කළ වික්‍රමරත්න මහතා, මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.
-036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත්වුණත් මේ රටේ දුප්පත් කෙනෙක්ට එක නීතියකුත්, පෝසත් කෙනාට තව නීතියකුත් මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අන්තිමට දුප්පතා ජේල් යනවා පොහොසතා ගෙදර යනවා.
මහජනතාවගේ ආරක්ෂාවට ඍජුවම දායකවන ආයතනයේ ප්‍රධානියා වීම පිළිබඳව ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...!!! සියලුම ලාංකිකයින්ගේ බදුමුදල් වලින් සියලු පහසුකම් සහිතව වැටුප් ලබන ඔබට තම සේවය අවංකව ලංකා මාතාවට කිරීමට හැකිවේවා...!! "කිසිදු පුරවැසියකු ඔබගේ ආයතනයෙන් නැට්ටුවන්, කවටයන්, විකටයන්, නිවට නළුවන් කිසිවිට බලාපොරොත්තු නොවෙන" බැවින් සැමවිටම බලාපොරොත්තු වන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කතාවෙන් රඟපෑමෙන් තොර එඩිතරව නිර්භීතව ක්‍රියාකරන නිලධාරින් පමණකි. ඔබට තමන් උපන් ලංකාමාතාවට අවංකව තම සේවය කිරීමට හැකිවේවා....!!!
වැඩ්ඩෙක් !
දැන් ඉතින් කම්මැලිකම පැත්තක තියලා රෙදි හෝදන්න පටන් ගන්න.
හිටපු හැම පොලිස්පති කෙනෙක් වගේම ඔබතුමාත් නොසෑහෙන්න ආණ්ඩුවට කඩේ යයි. එය හැකිතාක් හදවතට එකඟව කිරීමට අවස්ථාව ලැබේවා...!!!
මගේ උණුසුම් සුබපැතුම් පොලිස්පතිතුමනි..!!!
පොලිස්පති, ජනාධිපතිතුමාගේ පත්වීම නිසා... ඉතින් මොන කතාද?
20 වැනි සංශෝධනයට අනුව සියලු පත්වීම් ජනපතිගේ තනි මතය නම් රටට බුදු සරණයි. ජනතාවට දෙවි පිහිටයි...
මගේ විශ්රාම විශේෂ දීමනාව සම්බන්ධයෙන් වංචා සහගත වැඩපිළි වෙලක් ක්රියාත්මකවන හෙයින් මේ පිළිබඳව පැමිණිළි කරමි.