IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇහැලියගොඩ පාසල් වසාදමයි

(අප්සරා යෝසිත් විජේසූරිය)

ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
 
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දින සිට ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් සියලුදෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇතැයිද මෙම තත්වය මත පාසල් තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බවද කන්නන්ගර මහතා කීවේය.
 
මෙම කොවිඩ්-19 ආසාදිතයින් 44 අතර එක්අයෙකු රත්නපුරපොලිසියේ ඉහළ නිලධාරින්ගේ කාර්යාලක සේවය කරන වයස අවුරුදු 50 ඉක්මවූ අයෙකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.දෙදරු පියෙකු වන ඔහු සහ පවුලේ සාමාජිකයන්, සේවා ස්ථානයේ සමීප ආශ්‍රිතයන්ද ඇතුළත්ව හයදෙනකු (06) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇතිබව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 44 ම දිවුරුම්පිටියේ,කර්මාන්තශාලාවක සේවය කළ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හදුනාගෙන ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කරුණු දක්වමින් පැවසීය.



අදහස් (0)

ඇහැලියගොඩ පාසල් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site