බෝම්බකරුවෝ සාකච්ඡාවට පවුල් පිටින් කොළඹට එති
ප්රහාරයට දින දෙකකට පෙර සහ්රාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් තිදෙනකු ඔවුන්ගේ පවුල් පිටින් කොළඹට පැමිණ කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ආරක්ෂිත නිවස්නයේ එක්රැස්වී සාකච්ඡා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතා පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (04) පැවසීය.