IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කරයි

(නිමල කොඩිතුවක්කු)

පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ ධාවනය කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයින පුරා සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික බස් රථ හිමියන් සමඟ කොළඹදී අද(30) කැඳවූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් බස් රථ වල ගමන් කරන්නනැයි පාසල් දරුවන්, කාර්යාල සේවකයන්, ඇතුළු මගීන්ගෙන් ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

බස්රථ 2000 ට වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාත තුළ  ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  සභාපති      ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

යම් හෙයකින් දිගින් දිගටම බස් රථ ධාවනය නොකිරීමට කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් එම පුද්ගලයන්ගේ ධාවන බලපත්‍රය  අහෝසි කිරීමට කටයුතු කරන බවද සංජීව මහතා එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා පොදුජන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ  සභාපති සරත් විජිත කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කරයි

chandima Monday, 30 November 2020 03:34 PM

සමහර රටවල් වල වගේ බස් කාල සටහන් හදලා ප්‍රවාහනය පාලනය කිරීමට එක් ආයතනයකින් සිදුකරලා ලංගම සහ පෞද්ගලික බස්රථ එම සේවා සැපයීමට කුලීපදනම මත ලබාගත්තා නම් ඔය තරගය නවත්වන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site