
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අවශේෂ කැලෑ දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම වනානන්තර ආරක්ෂා කිරීම සදහා වන සංරක්ෂණ ආඥා පනත යටතේ පියවර ගැනීමට නියෝග කරමින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය රිට් පෙත්සමින් ඉල්ලා සිටි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කාර ආයතනය පරිසර සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ආයාතනයකි.දෙවැනි පෙත්සම්කරු වෘත්තීයෙන් පරිසර විද්‍යාඥයෙකි.2009 අංක 65 දරණ ( සංශෝධන) පනතෙහි විධි විධාන අනුව වෙනත් අවශේෂ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇත.වෙනත් අවශේෂ වනාන්තර යන්නෙන් අර්ථ දැක්වෙනුයේ අධි රක්ෂිත වනාන්තර හැර අනෙකුත් වනාන්තරයි.මෙම වෙනත් අවශේෂ වනාන්තර මෙරට සමස්ත වනාන්තර වලින් සියයට 25 ක ප්‍රතිශතයක් වේ.
මෙම වෙනත් අවශේෂ වනාන්තර වලට ස්වර්ණගල , කලා ඔය , විල්තෙර ,මුදුන්ගොඩ , දිගල්ල , කැබලි කන්ද , මොරගොල්ල , පොල්ගොල්ල සහ යටාල අයත් වේ.රක්ෂිත නොවන මෙම වෙනත් වනාන්තර වලට හානි වීමෙන් දැඩි පාරිසරික සංකූලතා මතු වේ.
මීට පෙර තිබූ 2006/2 චක්‍රලේඛය මඟින් මෙම අවශේෂ වෙනත් වනානන්තරයන් හී පාලන බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරූ අතර එහිදී නොයෙකුත් අක්‍රමිකතාවන් සිදුවිණි.සමහර සුවිශේෂ කලාප හේන් ගොවිතැන සදහා පැවරීම සිදුවිණි.තත්ත්වය මෙසේ තිබියදී රක්ෂිත නොවන වනාන්තර යළිත් වන සංරක්ෂණ ආඥා පනත යටතට පත් කෙරිණි.
තත්ත්වය මෙසේ තිබීයදී පෙත්සම්කරු පුදුමයට පත් කරමින් “ 2020 /1/ එම්.ඩබ්ලිව්.එෆ්.සී ” චක්‍රලේඛය මඟින් නොවැම්බර් 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මේ අවශේෂ වනාන්තර ගැන තීරණ ගැනීම දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරිණි.
ඒ අනුව මෙම වනාන්තර වලට වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධාන මඟින් ලැබී තිබූ ආරක්ෂාව මෙම චක්‍රලේඛය මඟින් ඉවත් වී ඇත.
මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මක කළහොත් එම වනාන්තර වලට බරපතල හානිදායක තත්ත්වයකට පත්වීමට සිදු වේ.එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ චක්‍රලේඛය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙම වනානන්තර ආරක්ෂා කිරීම සදහා වන සංරක්ෂණ ආඥා පනත යටතේ පියවර ගැනීමට නියෝග කරමින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය රිට් පෙත්සමින් ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයේ සාටකයින් සමග මෙරට කාන්තාරයක් කරන්න.
පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවෙන මේ පරිසර සංවිධානවලට හා පරිසර වේදීන්ට අපගේ ප්‍රණාමය. ඔක්සිජන් කන්නද? යැයි ඇසූ දේශපාලකයන් ඉන්නා රටක පරිසරය ගැන ඔවුන්ගෙන් යහපතක් බලාපොරොත්තු විය හැකිද? නොහැක්කේමයි. එසේ වුවද, තම යුතුකම හා වගකීම ඉටුකරන පරිසරවේදීන්ට තිබෙන්නා වූ සැබෑ උවමනාව දේශපාලකයන් හට ඇත්තේම නැත. නොමිලයේ ලැබෙන ඔක්සිජන් ටික සහ මිනිසාට හානිකර කාබන් ඩයොක්සයිඩ් උරාගෙන, ඒ මදිවට ආහාරද ලබාදෙන ගහකොළ වනසන අධම අමනයින්ට උපකාර කරන අයද මෙලොවට බරකි. රටේ සොබාදහම හා පරිසරය රැකුණුහොත්, අපද රැකෙනා බව සියලු දෙනා තරයේ සිහිතබා ගැනීම වැදගත්ය...
අනේ එහෙම කරන්න එපා. එක දවසකට පොලොන්නරුවේ එක්කෙනාට දෙන්න. නොදී කරන විනාශය මන් දුන්නාම නියමෙට කරයි. ගෝඨාට දීපු ඡන්දෙ ගැන හිතන විට. පුදුම දුකක් දැනෙන්නේ..
අරගලයට ජය ප්‍රාර්ථනා කරමි...!
හරි කොහොම හරි පොළොන්නරුවේ ඉන්න කෙනාට දවසකට දෙන්නකෝ... බලයක් නැතිව කරන පරිසර විනාශය බලය ලැබුණු ගමන් මිනිහා ලස්සනට කරයි.