
(දිල්රුක්ෂි ග්‍රේරු)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් ලබා දීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, ජනාධිපති නිතීඥ යු ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රෝහණ පහුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ යන පිරිස මෙම පංච පුද්ගල කමිටුවට නම් කර ඇත.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා මෙම පත්කිරීම කර තිබේ.
බන්ධනාගාර ප්‍රත්සංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙ මේකටත් විමර්ශන... විමල් කිව්වේ ලස්සනට වුණු විදිහ. නිකන් ශර්ලොක් හෝම්ස් වගේ...
අම්මාගෙන් පේන ඇහුවලු..
කොමිටි..., අනේ ඕක බල්ලාට දාන්න. ඔය වගේ කමිටු අපි කොච්චර දැකලා තියෙනවද? කෝ අර වැලිකඩ කොමිටිය..? අපිව අවුරුදු 72ක්ම රැවැට්ටුවා... අදත් ඒකමයි කරන්නේ.
මේ නඩයම රාජපක්‍ෂ බයියන්ට කඩේ යන නොම්මර එකේ අපක්‍ෂපාති විළිලැජ්ජාව ගෑවිලාවත් නැති සෙට් එකකි. ජාත්‍යන්තර ප්‍රජාව මේවා ගැන හොඳින් දනියි. කන්න වෙනවිට හොඳ පැකේජ් වලින්ම ලැබෙනු ඇත...
මේවා දැක්කාම සර්ව සාධාරණය 100%ක් ඉෂ්ඨ වෙයි වගේ...
ඔන්න බලන්න පැනගන්න හැටි. එතකොට මැරුණු අය? කාවද මේ රවට්ටන්නේ..?
මෙතෙක්කල් පිහිටවපු කමිටුවලට සිද්දවුණේ මොකක්ද කියලා බලන්න කමිටුවක් පිහිටුවොත් නරකද?