
(තිළිණි ද සිල්වා)
කොවිඞ් 19 වසංගතය හමුවේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42 ක් සදහා රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දැනටමත් මෙම මුදල් වලින් රුපියල් කෝටි 7කට අධික මුදලක් විදෙස්ගත ලාංකිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර ඇති අතර ඉන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කටාර් හී දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම මුදල රුපියල් 42, 25,000කි.
මීට අමතරව රුපියල් 40,53,000 ක මුදලක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියදම් කර ඇති අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය රුපියල් 340,000ක මුදලක් ලාංකිකයින් සදහා වෙන් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකන් එකේ පාඩු පියවා ගන්න වසරකට රුපියල් කෝටි 2000-3000ත් අතර මුදලක් වියදම් කරන්න ආණ්ඩුවට පුළුවන්. නමුත් පිටරටවල අතරමං වෙලා ඉන්න පුරවැසියන්ගේ ජීවිත බේරාගන්න වියදම් කරන්න ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් රුපියල් කෝටි 10ක් පමණද? 50000-60000 අතර ශ්‍රමිකයන්ගේ ජීවිතවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණද?
ඔය මුදල් ප්‍රතිපාදන වෙන් කළාට අතරමංවෙලා ඉන්න මිනිස්සුන්ට ඕවා නිසිලෙස ලැබෙන්නේ නැහැ. කරුණාකරලා ඔය මුදල් වියදම් කර නිකන් ගල්කරලා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් යානා යවලා පිටරටවල අතරමංවෙලා ඉන්න පුරවැසියෝ ටික ලංකාවට ගෙනත් නිරෝධායන හෝටල්වල හෝ හමුදා කඳවුරක හෝ කලාපයේ අනික් රටවල කරන ආකාරයට නිවසේදී හෝ නිරෝධායනය කර මනුෂ්‍ය ජීවිත ටික බේරාගන්න. කොරෝනාව දැන් ලංකාව පුරාම පැතිරිලා ඇත. මැදපෙරදිග මිනිස්සු ගෙන්නුවා කියලා ඕකෙ විශාල වෙනසක් සිදුනොවනු ඇත.
බෙහෙතක් හොයා ගන්න බැරි කොරෝනා දැන්මම ලෝකයෙන් ඉවත් වෙන්නේ නැහැ. පිටරට වැඩකරන ඉන්දියාවේ අයටත් එයාලගේ රටට යන්න එන්න දෙනවා වගේම ගෙදර නිරෝධායනය වෙන්න දෙනවා. ලංකාවේ විතරයි අහිංසක පිටරට ඉඳලා එන අයව තරු හෝටල් වල නිරෝධායනය වෙන්න කියලා සල්ලි හූරාගෙන කන්නේ... මැද පෙරදිග ඉඳලා රස්සාවෙන් අස්වෙලාම ගෙදර එන්න වෙලා තියෙන්නේ.., ලංකාවට ඇවිත් නිරෝධායනය කියලා වද දෙන නිසා... අනිත් රටවල මිනිස්සු හිනාවෙනවා ලංකාවේ ගුවන්තොටුපල ලංකාවේ අයටම වහලා එන්න යන්න බැරි කරලා තියෙන එකට... දවසට රු 7,500 හෝ 9,000 ගානේ දවස් 14ක් රු 105,000 හෝ 126,000ක් දීලා හෝටලයක ඉඳලා ගෙදර එන්න පුළුවනි...
කටාර් තානාපති කාර්යාලයෙන් වියදම් සඳහා ලබාදුන් සේවාව ප්‍රකාශ කළා නම් හොඳයි. මේවා ලැබුණේ තානාපති කාර්යාල වටකරගෙන ශ්‍රී ලංකන් පාසලේ අරමුදල් වලට බලාගෙන ඉන්න කෝ ඕඩිනේටර්ලා, මුදලාලිලා තමයි කියන්නේ.... කර්මාන්තපුරේ අයට මොනවද කළේ කියලා.. ?
ලංකාවේ දේශපාලන අධිකාරිය නිරෝධායනය පිට දමාගෙන තම හිත මිත්‍ර හෝටල් කාරයන්ට ජනතාව සුරාකන්න ඉඩදී ඇති බව පෙනේ. යුරෝපයේ දියුණු රටවල හෝ කලාපයේ අනෙකුත් රටවලත් මෙහෙම තම පුරවැසියන්ට රටට ඇතුල් වෙන එක බාධා කරන්න නීති දමලා නැත. මෙය විශාල මානව හිමිකම් සහ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස මම දකිමි. අනිවාර්යයෙන්ම නිරෝධායන හෝටල්වලට යන්න ඕනෑ නම් පුරවැසියන්ගේ හොටෙල් බිල රජයෙන් ගෙවන්න.