
(නිමල් ජයරත්න)
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අද (27) වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බව එහි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මහර බන්ධනාගාරයේ රදවා සිටියදි ඔහුට කොවිඞ් වෛරසය වැලදි ඇති අතර ප්‍රතිකාර සදහා ඔහු මිට දින තුනකට පෙර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරිනි.
ඔහු විශේෂිත හමුදා ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ වැලිකන්ද කොවිඞ් 19 රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටද එම රෝහලට දැඩි ආරක්ෂාව යොදා තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිම යටතේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නරුමයා තවත් නිදැල්ලේ සැරිසරණ හැටි...
රුහුණු.., අපේ ‘සර්’ ට එහෙම කියන්න එපා. එයා ජනාධිපතිනේ...
මෙයා නරුමයෙක් නම්, මෙරට උලාකන 225 ම අම්බානක නරුමයින්නේ...
මේ මනුස්සයා තමන්ගේ රටවෙනුවෙන් මහත්වූ සේවයක් කල පොලිස් නිලධාරියෙක්.දුෂිතයින්,මිනීමරුවන්,ලෝක හොරුන් රැසක් සාක්ෂි ඇතිවම නිතිය ඉදිරියට පමුණුවන්න කටයුතුකලා.දුෂිත දේශපාලුවන්, උන්ගේ හෙන්චයියන් රැසක් සිර ගත කළා.නමුත් අවසානයේදී සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කියන මේ විසිවන සියවසේ ලොකුම පාවාදෙන්නන් නිසා කිසිම දුෂිත, දේශපාලු හොරෙක්ව නිතිය ඉදිරියට ගෙන එන්න බැරිවුනා.ආණ්ඩුව වෙනස්වුනා. දුශ්ෂිල සිවුරුකාර බමුණන්ගේ මුසා බස් ඇසූ ගෝත්‍රික ජනතාව නැවතත් " ගෝත්‍රික හොර රැල " බලයට පත්කරගත්තා.පතෝල සිරා හොරුන්ට එකතුවුනා.ඒ හොර රැල, ලස්සන කතන්දර ,බොරු සාක්ෂි, හදලා හොරු අල්ලපු ශානි අබේසේකරව කුඩුවට යැව්වා. දැන් මේ ගොල්ලෝ හදන්නේ මේ මනුස්සයාව ස්වභාවික හේතුවක් හදලා ඝාතනය කරන්නද...? මිනීමැරීම පිළිබඳ නම් දරාපු ගෝත්‍රික පාලකයින් නැවතත් ප්‍රශ්න ගොඩක් ඇතිකර ගන්න වගේ හදන්නේ. ජාත්‍යන්තරයේ අපේ රටේ නම තියෙන්නේ මිනීමරණ ගෝත්‍රිකයින් අතර බව 69 ලක්ෂයක් වූ බයියන් හැර මුළු ලෝකයම දන්නවා. යම් ලෙසකින් මේ මනුස්සයා හිර ගෙදරදී මිය ගියොත්.. මැද මුලන ගෝත්‍රිකයින් ඉල්ලන් කෑවා වගේ දෙයක් වෙන්න පුළුවන්.
ශානි කියන්නේ රටට ලැබුණු ජාතික සම්පතක්... වාස් ගුණවර්ධනව බය නැතුව අත්අඩංගුවට ගත්තේ ඒක ගැන හරියට හොයලා මිසක් බොරු සාක්ෂි හදලා නෙමේ. ඒක වුනේ මහින්ද ජනාධිපති කාලේ. ඇත්ත නම් මේ තක්කඩි මිනීමරුවන් ශානිට බයයි. කමල් ගුණරත්න බලාගෙනයි. තවම යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙලා නෑ. හෙට අනිද්දා එන්නේ බයිඩන්...
ශානි අබේසේකර මහතාට මෙම රජය සලකන හැටි ඉතාම ලැජ්ජා සහගතයි. එල්ලුම්ගස් නියම වූ අයට තිබෙන සැලකිල්ලවත් තවමත් අධිකරණයකින් වැරදිකරුවෙක් කරලා නැති මෙතුමාට නැහැ.
ලොකු අප්පුගේ පවුලේ වීරයාට සීමා නැහැ. අපි එයා දැක්කා මෙරට බිහිවුණු ශේ්‍රෂ්ඨ රණවිරුවා වන සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පළිගත්ත විදිහ. මේත් ඒකෙම දිගුවක්.
ශානි ලොක්කා ඉන්නෙත් කෝවිඩ් වලට නියම වයසේ..
මෙතෙක් බිහිවූ බොහෝ ආණ්ඩු තමන් බලයට පත්වූ පසු තමන්ගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීම තමයි කළේත්..., කරන්නෙත්. එය කුමන දේශපාලන පක්ෂ වලටත් පොදුයි. ඒ නිසා මේවා ගැන ජනතාව බැලිය යුත්තේ විමසුම් ඇසකින්... ඒත්, වෙන්නේ වෙන දෙයක්... එහෙම පිටින්ම බලුපොරයක් සේ තමයි නිදහස් මනසක් ඇති කෙනෙකුට ඔවුන්ගේ වැඩ පේන්නේ. ඒ වගේම මේ නිලධාරියා රන්ජන් සමග කතා කළ දේ ගැන ප්‍රසිද්ධ වුණා. නිලධාරින් දේශපාලන ගැත්තන් වුණොත් ඔවුන්ට අත්වෙන ඉරණම මෙබඳු බව අද එසේ කරනා නිලධාරීන් තදින් සිහිතබා ගත යුතුයි. එසේම මේ නිලධාරියා අද බලයේ සිටින සමහර චරිත වලට විරුද්ධව එදා පියවර ගත්තා. ඒ අදාළ චරිත තමන් පිරිසිදු නම්, තමන්ට නැගූ ඒ චෝදනාවලට එරෙහිව මොහුට විරුද්ධව පියවර නොගන්නේ මන්දැයි කෙනෙකු හට සැක සිතෙන්නට පුළුවනි. සත්‍යය කුමක්දැයි වටහා ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ. එහෙත් අප රටේ මිනිසුන් වටහා නොගන්නේද සත්‍යයමය. කල්පනා කිරීමට නොහැකි මොලවලින් ඇති ඵලය කිම...?
ඇයි මෙයාව ජාතික රෝහලකට නොයවන්නේ පළි ගැනීමක්ද? රටම අවදියෙන්... එක රටක්.. එක නීතියක්..
කුමන නම් වලින් රණවිරුවන්ට අපහාස කරන අදහස් දැම්මත් කුරිරු 30 වසරක ත්‍රස්තවාදයෙන් මව් රට බේරාගැනීමත්, අහිංසක මහජනතාවට මරබියෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබාදීමත් හේතුවෙන් එවකට ජනාධිපතිතුමාගේ සිට ආරක්ෂක ලේකම්, හමුදාපතිවරුන් ඇතුළු කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා වැනි සිය දහස් ගණනින් වූ රණවිරුවන්ට ජාතියේ ගෞරවය හිමි වී ඇත. එය සදාකාලිකවම හිමිවිය යුතුයි. එලෙස රණවිරුවන්ට ගරු කරන ආශිර්වාද කරන රටවැසියන් සිටින තාක් මේ රට ආරක්ෂිතයි. වාසනාවන්තයි. අතීතයේ මෙන්ම වර්තමානයේද ඉඳහිට පාවාදෙන්නෝද නැත්තේ නොවේ. ඔවුන්ට ජනතාවගේ ශාපය නිතැතින්ම හිමිවනු ඇත. ජනතාව වෙනුවෙන් ස්වභාවධර්මයා විසින් පාවාදෙන්නන්ට හා පාවාදෙනු බලා සතුටු වන්නන්ට දඬුවම් දෙනු ඇත.