
(චමිල් රූපසිංහ)
මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරන බවත් එලෙස පෙරේදා (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.
කොවිඩ් ආසාදිත හෙද නිලධාරිනියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.
මහනුවර ජාතික රෝහලට සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇතැම් පිරිස් පැමිණෙන බවත් මෙම අවස්ථාවේ අත්‍යවශ්‍යය කාරණයකට හැර හැකි තරම් රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාස කළාය.
අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහලට ගොස් ප්‍රථිකාර ලබා ගැනිමෙන් පසු එහි වෛද්‍යවරු මහනුවර ජාතික රෝහලට යොමුකළ යුතුද නැද්ද යන්න නිරීක්ෂණය කර තීරණය කරනු ඇති රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අහඹු පරීක්ෂණ පටන් ගත්ත එක ලොකු දෙයක්... ඉස්සර වෙලාම කරන්න ඕනේ හැම පළාතකම සෞඛ්‍ය සේවයේ අය පරීක්ෂා කරන එක...
කොළඹ නගර සීමාව තුල පමණයි දිනපතා පරීක්ෂණ 1500ක් විතර පවත්වන්නේ. අනිත් නගරවලත් පරීක්ෂණ කළානම් සැබෑ තත්වය දැන ගන්න තිබුණා...