
ශ්‍රී ලංකාව පුරාම අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ‘4-ජී’ තාක්‍ෂණය සැපයීමට අවස්ථාව උදාකරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයා කඩාකප්පල් කළ බවත් එහි පළවිපාක මේ වන විට දරුවන් අත්විදින බවත් ජාතික සමඟි බලවේගය පක්‍ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 වර්ෂයේ අය වැය විවාදයට එක්වෙමින් හිටපු ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අද ගූගල් බැලුම තිබුණානම්, ‘ගූගල් ලූන්’ කියන ප්‍රෙජෙක්ට් එක, මම කෙළන්ම කියනවා ඒක කඩාකප්පල් කළේ එවකට හිටපු ජනාධිපතිවරයා”
“හැබැයි හිටපු ජනාධිපතිවරයා එයාගෙ මල්ලිව ටෙලිකොම් එකේ සභාපති කරලා. මාව නාමමාත්‍ර ඇමති කරලා, අන්තිමට ඒක කරගෙන යන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ”
“ටී.ආර්.සී. එක යටතේ තිබුණු ඒ ගූගල් ලූම් ප්‍රෙජෙක්ට් එක ලෝකයේ පළවෙනි දහයේ තියෙන එකක්. ඒකට ලංකාවේ ආණ්ඩුවෙන් සත පහක් ගෙව්වේ නෑ කථානායකතුමනි”
“ඒ ව්‍යාපෘතිය කෙන්යාවට දීලා අද මුළු කෙන්යාවෙම 4-ජී තාක්‍ෂණය තියෙනවා. අද සූම් එකෙන් ළමයින්ට වැඩ කරන්න ඒක තිබුණනන් කොතරම් වටිනවද? අපි තමයි ඩිජිටල් පංති කාමර පළමුවෙන්ම හදලා දුන්නේ. ළමයින්ට ‘ටැබ්’ දෙමු කියලා මම තමයි යෝජනා කළේ. දැන් මාස හයක් පාසල් වහලා. ‘ටැබ්’ තිබුණනන් ළමයින්ට ගෙදෙර ඉදන් වැඩ කරන්න තිබුණා”
“මොකක්ද ඩිජිටල් කියන එකේ තේරුම”
“ආණ්ඩුපක්‍ෂයේ ඇමතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් ඉන්නවා නම් අත උස්සලා උත්තර දෙන්න”
“මොකක්ද ඩිජිටල් කියන වචනයේ තේරුම.. නෑ... කියන්න කියන්න..... ඔබතුමාලා දක්‍ෂ වැඞ්ඩො ටික ඉන්න පැත්තනේ.... (අත දිගුකර මන්ත්‍රීවරයකු පෙන්වමින්) ඔයාට මම කියලා දුන්නනේ මගේ පැත්තෙ ඉන්නකොට”
“ගරු කථානායකතුමනි, ඩිජිටල් කිව්වම ‘නම්බර්ස්’ සිංහලන් කිව්වොත් අංකන අපබ්‍රංසයි”
“මට ඇමතිකම ලැබිලා පළමුවෙන්ම මහියන්ගනේ ගියාම මම කල්පනා කළා කොහොමද මිනිස්සුන්ට මේ වචනෙ තේරුම් කරන්නේ කියලා. පසුව මම මළලසේකර ඩික්ෂනරිය පෙරළ ගත්තා. ඒක තිබුණා අන්තිමට අඟිලිවලින් කරන කියලා. දැන් මම අල්ලගත්තා වචනෙ”
“මට අවස්ථාව තිබුණා ගූගල් ආයතනයේ අයිතිකාරයා පෞද්ගලිකව මුණගැහෙන්න. ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. ‘බැලුම බැලුම’ කියලා කියවනවා. දන්න දෙයක් කියන්න ඕනේ”
“ජනාධිපතිතුමා අද ටී.ආර්.සී. එකට බිලියන 15 ක් වෙන්කරලා තියෙනවා. 4-ජී දෙන්න. හැබැයි අර බැලුමේ වැඬේ කළානම් ලංකාවේ සෑම තැනකටම 4-ජී තාක්‍ෂණය දෙන්න තිබුණා”
“අපි මොනවද කළේ අහනවා. ‘ෆයිබර් ඔප්ටික්’ කියන තාක්‍ෂණය ගෙනල්ලා යාපනයට වෙනකන් ගෙනිච්චේ අපේ කාලයේ. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දුන්නා. දැන් පු`ළුවන් වීඩියෝ තාක්‍ෂණයෙන් සියලුම දෙනා සම්බන්ධ වෙන්න. තෙල් පුච්චන්න ඕන නෑ”
ආණ්ඩුවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ මඩ ගසන බවට චෝදනාව පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.
“ඔය ‘සර් ෆේල්’ කියන රටේ තිබුණ වචනෙ අපි සමාජයට ගෙනාවා. අපි සමාජයට ගෙනල්ලා එක ළයින් එකේ කථා කළා. අපිට පේජ් කාරයො හිටියේ නෑ. එකම භාෂාව කථා කරපු නිසා මිනිස්සු ඒක අල්ලගත්තා. මේගොල්ලන් තමයි නා ගත්තේ. මේගොල්ලො ඒක අරගෙන කිව්වා අපි ෆේල් නෑ කියලා. අපි මොනවා කරන්නද?
“අපි ෆේල් කිව්වා.... මේගොල්ලො කිව්වා නෑ කියලා.”
“ඉතින් මිනිස්සු කිව්වා උඹලා ෆේල් කියලා.... මේකයි උනේ.... එහෙම නැතුව සල්ලි දීලා ගැහුවනන් අපි ගහන්නේ ලොවි ගහෙන් මේ වෙලාවේ” යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
- 048
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදයට රිංගලා ඉඳලා පණ බේරාගත්තු බියගුළු නිවටයින් දැන් අනිත් කෙනාගේ අඩුපාඩු හොයනවා..
සමඟි බලවේගය පක්‍ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියන ආකාරයට ඔහු සුපිරිසිදු චරිතයකි. ඕනෑම සිදුවීමකට වෙන කිසිවකු පාවාදීම හෝ මාධ්‍ය ඔහුගේ කතාව විකෘති කළ බව කියන්නාවූ මේ චරිතය කිසිඳු සිදුවීමක වගකීමක් ගැනීමට නොහැකිවීම සහ අපොහොසත් විමම දේශපාලනයට නුසුදුසුකමකි.
එතකොට එදා උඩ යවපු බැලුන් බිම වැටුණේ සිරිසේන ජනාධිපතිතුමා කටුවකින් ඇනලද?
මොන දේවල් තිබුණත් ඒ කාලේ රීලෝඩ් එකක් දාලා අනිත් පැත්ත හැරිලා බලනකොට රීලෝඩ් එක ඉවර වෙන තරමට ඒ කාලේ බදු තිබුණා. ඒත් ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන කාලයේ තමයි දුරකතන බදු ගොඩක් අඩු වුනේ... තරුණයන්ට ඒක මතක ඇති නේද?
දැන් බලපුවාම සිරිසේන මහත්තයාට පඹයෙක් වගේ කිව්වට මේ සේරම කරකවලා දණගස්සගෙනනේ ඉඳලා තියෙන්නේ.
'ගූගල් ලූන්’ ව්‍යාපෘතිය කඩාකප්පල් කළා නම් කවුරු කලත් එ්ක වැරදියි. මේක කරලා තිබුණා නම් අද කොපමණ ප්‍රයෝජනවත් වෙනවද?
ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ.
දැන් ද කියන්නේ? එතුමත් එක්ක ගනුදෙණු කරනකොට හොඳයි. මේ වගේ ඩීල්කාරයින් තමා රනිල්ගේ විනාශයට මුල.
හිටන් හුටන් ළමයි වෙනුවෙන් මොනවද කළේ..? හිටන්ගේ ළමයි නම් හෝටල් ගහගත්තා. බාර් පර්මිට් ගත්තා. අද ඒ වැඩේ කළා නම් මෙලහකටත් අපේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කරනවනේ..
මෙතුමාම කියපු ලෙස අමාරුවෙන් ගේමක් දීලා සා/පෙළ ගොඩදාගෙන තියෙන්නේ...!!!
රවින්ද වගේ ගොබ්බයින් ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ. මෙයාලනේ අර ගොන් 69 ලක්‍ෂයේ ඉන්නේ..
අපෝ ඔහෙලා කාපු අවුරුදු 4තරම් නම් කාලා නෑ තවම... මේ දවස් වල ඔහෙලා හිටියනං ෆේල් සර් කියන්නවත් මිනිහෙක් ඉතුරු වෙලා ඉන්න එකක් නෑ..
ගරු ඇමැතිතුමනි, ඔබතුමා ඇහුව ප්‍රශ්නයට කියත් මගේ හිටපු කෙනෙක්වත් උත්තරයක් දුන්නේ නැතෙයි. ඒගොල්ලෝ දෑතේ කරගැට එනකම් පීරි ගෑවා මිසක් ඕවා ඉගෙන ගත්තේ නැහැ. නැතිනම් ඔක්සිජන් කන්නද කියලා අහයියැ.. ?
නිකං බැලුම් ඇරියේ මම පොඩි කාලේ... ගූගල් බැලුම් ඇරියේ මම ඇම්ඩන් කාලේ... බියගුළු නිසා ඇඳයට රිංගුවේ බැරි කාලේ... . පතෝලයගේ ගිණුමට බැරිකම යැව්වේ ඒ කාලේ...
යමෙක් ටයි කෝට් ඇන්ද පමණින් වියතකු වන්නේ නැත. පෞරුෂත්වය වියතුන්ට ඉබේම ලැබූන දෙයකි. එය කෘතිමව ගොඩනගා ගත නොහැක.
කට තිබුණු පලියට කියවන්නේ නෑතුව, කොම්පියුටර් එකක් තිබ්බ පලියට කොටන්නෙ නැතුව ගොන් කතා නොකියා ඉන්න රවීන්ද්‍ර....
මෙයා කියන දේ දිහා නෙවේ ... හැමෝම බලන්නේ මිනිහා දිහා.. හඳ පෙන්නනකොට ඇඟිල්ලේ ඇදේට බනිනවා. මමත් මෙයාට කැමැති නැහැ. නමුත් පාස්කු බෝම්බෙ වෙලාවේ මේක තමයි අඩුගානේ එළිකළේ.. ඒ සේරම කළින් දැනගෙන සිටි බව... නැතිනම් අදටත් අපි දන්නේ නැහැ මේක ඔවුන්ගේ උගුලක් කියලා. ඔය මහ රජාවත්, වෙන එකෙක්වත් ඔහොම කියන්නේ නැහැ. ඉස්සෙල්ලාම බලන්න මේ මනුස්සයා කිව්ව දේ ඇත්තද? බොරුද? නැතිනම් කවුද කියලා.. අපට ලැබෙන්න තිබ්බ ප්‍රතිලාබේ වෙන රටකට යන තැනට වැඩ සැලැස්සුවා.
බොරුවට කතන්දර කියලා එක එක්කෙනා බෝලේ පාස් කරන්න හැදුවට අපි දන්නවා තමුන්ලා දෙන්නම ලූනටික් තමයි කියලා. හරීන් නෙවේ නරීන් ...
රවීන්ද්‍ර රාජපක්‍ෂ ආණ්ඩුවෙන් කළා වගේ. ඒකනේ ඔච්චර රිදෙන්නේ...
තාත්තද දන්නේ නෑ කිව්වේ. මොලේ කලඳක් නැති මේ වගේ හරක් පාර්ලිමේන්තුවට ගත්ත ජාතික ලැයිස්තු දීපු අය ඊට වඩා හරක්...
යාපා, පව් අනේ. ෆේල් කිව්වම අවුල් ඇති. තාත්තා කිව්වද අම්මා කිව්වද වැඩක් නෑ. පාස්කු දින ප්‍රහාරයේ මහ මොලකරු දැන් ඉන්නේ කොහේද?
පුදුමාකාර ඝෝෂාවක්... මෙයාලා දියවන්නාවේදී දෙන්නේ... හොඳට මහන්සි වූ පසුව කෑකෝ ගැසීම් නම් අඩුවෙන්න පුලුවන්. ඒ මදිවට වියතුන්ට, ඔවුන්ගේ උගත් කමටත් සරදම් කරනවා...
කවුද උගත්? අර විපත් මගද?
සිතියමක් හදන්න බැලුමක් උඩ ඇරියොත්, වීදි සිතියම හදන්න පාරවල් වීඩියෝ කළොත් ඇමෙරිකන් කාරයෝ ඉඩම් ගන්න රට මනිනවා කිව්ව කට්ටියකුත් ඒ කාලේ හිටියා වගේ මතකයි.
මම ඩිජිටල් ඇමති වුණාට ඒකෙ තේරුම වත් දන්නේ නැහැ කියා එක් මහත්මයෙක් කිව්වා, ඒ කාලේ. එය ජාත්‍යන්තර මාධ්‍යවල පවා ප්‍රසිද්ධ වුණා.