(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද(23) සී වාට්ටුවේ වහලය මතට නැග විරෝධතාවයක නියැලෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
රැඳවියෝ 15ක් පමණ මීට එක්ව සිටිති.
එම රැඳවියන් පිරිස උදේ ආහාරය වර්ජනය කළ අතර, බන්ධනාගාර නිලධාරින් සමඟ කළ සාකච්ඡාවකින් පසු ඔවුහු වර්ජනය අත්හළහ.
ඔවුන් නැවතත් අද සවස වහලය මතට නැග තමන්ට ඇප ලබා දෙන ලෙස හෝ නඩු කඩිනම් කරන ලෙස හෝ ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක යෙදී සිටින බව ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ ඉන්න අරින්න. බඩගිනි වුණාම බීමට බහියි.