
පාසල් පිට්ටනියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි සිසුවකු අතින් සිය නිවසට විසි වූ බෝලයක් ඉල්ලීමෙන් උරණ වී දාහත් හැවිරිදි දරුවකුගේ පපුවට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු වන තාරක ප්‍රියජීව ඇල්විටිගල නැමැත්තකු බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අදාළ වෛද්‍යවරයා ‘නිර්වින්දනය කර ගත්’ වෛද්‍යවරයකු විය යුතුය. ළමා ලෝකයේ සිතුම් පැවතුම් හැසිරීම් සම්බන්ධ සියුම් සංවේදනා ජීවිත කාලයේ අවසන් මොහොත දක්වාම රැඳී පවතින්නකි. තමන් වියපත් වූවද ළමා ලෝකයට අදාළ සිදුවීම් නිවස තුළින් මෙන්ම පිටස්තර සමාජයෙන් ද නිතර නෙත ගැටේ. එමඟින් තම ළමා ලෝකය සම්බන්ධ අත්දැකීම් සිහිපත්ව එයින් කිසියම් වින්දනයක් ලැබීම මනුෂ්‍ය ස්වභාවයකි. තම වත්තට වැටුණු බෝලය ඇහිලීමට ආ දරුවාට වායු රයිෆලයකින් වෙඩි තැබීමට තරමට යමකු පිරිහෙන්නේ නම් හෙතෙම නියත වශයෙන්ම අසංවේදී මෙන්ම නිර්වින්දනය වූ අයෙකි.
වෛද්‍යවරයකු යනු වෘත්තීමය නිපුණතාවෙන් මෙන්ම කාරුණික බවින් පිරිපුන් විය යුතුය. ‘ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල නොවෙතියි’ යන්න සමාජ කියමනකි. එයින් කියැවෙන්නේ වෛද්‍යවරයා ඉවසීමෙන් යුතු අයකු බවය. එය එම වෘත්තියට අදාළ අනන්‍ය යහ ලක්ෂණයකි. වායු රයිෆලයෙන් දරුවකුට වෙඩි තැබූ බව කියන වෛද්‍යවරයා එම වෘත්තීය ආචාර ධර්ම වලින් පොහොසත් ද? නැද්ද? යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන්නකි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා හා කාර්ය මණ්ඩලයෙන් ද එම දරුවාගේ දෙමාපියන්ගෙන් ද සමාව ඉල්ලා සිටින බවය. මානව හිතවාදී මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සිටින මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු අතින් සිදු වූ මෙම වැරැද්ද සම්බන්ධයෙන් මෙම සමාව ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කර තිබේ.
ඕනෑම ක්ෂේත්‍රයක ඇති සමාජ ගරුත්වය පිළිගැනීම මත වසුරු හෙළන අම්බරුවෝ සිටිති. තමන් කවුරුන් ද? , තමන්ගේ සමාජ පිළිගැනුම කුමක් ද?, තමාගෙන් සමාජය අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න සම්බන්ධ වැටහීමක්, හැඟීමක් නැති අම්බරුවන් අතින් මෙබඳු පන්නයේ හැසිරීම් අපේක්ෂා කටයුතුය.
ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් වෙනත් අයවලුන්ගෙන් යම් හිරිහැරයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර තිබේ. මෙබඳු ප්‍රශ්න බොහෝවිට සාකච්ඡා කර විසඳා ගැනීමට සමත් කමක් තිබිය යුතුය. එසේ නොවී වායු රයිෆලයකින් වෙඩි තබා ප්‍රශ්න විසඳා ගැනීමට යාම අනුමත කළ නොහැකිය. යම් හෙයකින් එම නිවසේ වායු රයිෆලයක් වෙනුවට ගල්කටස් එකක් හෝ ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් තිබුණේ නම් ප්‍රතිඵලය කුමක් වේද යන්න සිතා ගැනීම අසීරු නැත.
විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් ද තිබේ. තවත් අයකුට හිංසාකාරී ලෙස කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. ඇතැමෙක් මෙම සිද්ධාන්තය අමතක කර කටයුතු කරති. ‘ඔබගේ අත රැඳි හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’ යන්න ප්‍රකට, පිළිගත් කියමනකි. මේවා අමතක කර දමා ජීවත් වෙමින් සාමූහික බව හෝ සමාදානය ආරක්ෂා කර ගත නොහැකිය. ‘අත්තානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ’ කියා බුදු වදනේ සඳහන් වන පරිදි නිතරම තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතිය යුතුය. මෙම වෛද්‍යවරයාගේ නිවෙස අසල සෙල්ලම් කරන ළමයින්ගේ බෝල වෛද්‍යවරයාගේ ගෙවත්තට නිතර නිතර වැටෙන්නේ නම් ඔවුන්ට බලවත් කරදරයකි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියකි. විශේෂයෙන් තාප්පය උඩට නැග බෝලය ගැනීමට යාම ද විනීත නොවේ. අනුන්ගේ ගෙවතුවලට අනවසරයෙන්, බලහත්කාරයෙන් ඇතුළුවීම ද වරදක් බව මේවාට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන් තේරුම් ගත යුතුය.
තමන් හිංසනයට, අගෞරවයට පාත්‍රවීමට අකමැති පරිදිම අනෙකා ද එයට අකමැති බව පිළිගැනීම බුද්ධිමත් බව වේ. සමාජයේ ජීවත්වීමේ දී අවශ්‍ය වන්නේ මෙම බුද්ධිමත්කම වේ. ඇවැසිම ගුණාංග අහිමිවීම යනු නොසිතන විපත් ළඟා කර ගැනීමකි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිවිතුරු දාර්ශනික වේ.
මෙවැනි චෝදනාවක් වරක් අර්ජුන රණතුංගටත් එල්ල වුණ පාසල් ළමුන් සමග ඇතිකරගත් ගැටුමක් නිසා. ඇත්තටම අපි ළමයින්ට විනය ඉගැනිවිය යුතුයි. එයා නිවාසෙන්ම ආරම්භ වී දෙමව්පියන් ඒ විනය නිවාසයේ පවත්වාගෙන යාමතුළින් එය දරුවන්ට කාවැද්දිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් දරුවන්ට අද ළමා ලෝකය අහිමිවෙලා තියෙන්නේ වැඩිහිටියන්ගේම නොමනා ආත්මාර්ථකාමී ක්‍රියාවන් නිසා නොවේද? ගෙවත්තට බෝලයක් වැටුණාම ඒක මහා වැරැද්දක් වෙනවා නම් ඔබේ ළමා කාලයේ ඔබ මේ අත්දැකීමට මුහුණ දී නැතිව විය යුතුයි. එසේනම් ඔබට ළමා කාලයක් කොහෙත්ම තිබී නැත. එය ඉතාම දරුණු සමාජ හානියක්. දරුවන් සමග මිත්‍රෙවන්න හැකි නම් මේ ගැටුම් කොපමණ අඩුකරගන්නට හැකි වෙනවද කියා වැඩිහිටි අපි සිතාබැලිය යුතු නොවේද? මේ ප්‍රශ්නයේදී මම නම් ඉන්නේ දරුවන්ගේ පැත්තේ. මේ ආදර්ශය දරුවන්ට කොයිතරම් හානිකර වෙනවාද කියා ඔබ සිතා බලන්න. මේ හැසිරීම දකින දරුවා වැඩිහිටියෙක් වැන්දාට අපිට අලුත් පාතාලයක් බිහි නොවන්නේ යයි ඔබට විශ්වාසද? පාඨක ඔබෙන් අසමි.
කොරෝනා නිසා පාසල් වසා තියෙන බස්නාහිර පළාතේ කොහොමද ක්‍රීඩාංගණයක ක්‍රිකට් ගහන්නේ. අනික හැමවෙලාවේම බෝල අහුලන්න කියලා තමන්ගේ වත්තට එන්න ගත්තා නම් මේක ලියපු කෙනාට තේරෙයි ඒකෙ තියෙන වැඩේ. ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුරු දාර්ශනික වේ...
ඉවසීමේ සීමාව පනින්න ඇති.
වර්තමාන සමාජයේ සමාජ බලයක් ඇති පුද්ගලයින්ගේ පිරිහුණු ගති පැවතුම් නිරන්තරයෙන් අපි අත්දකිමින් සිටිමු. උත්තරීතර පාර්ලිමේන්තුව තුළත් ඇත්තේ එවැනිම තත්වයකි. සියල්ල මුදල් මත තීරණය වන පරිසරයක අනෙකා ගැන සිතන්නට ඔවුන්ට වේලාවක් නැත. අනෙකට හෙන ගැසුවත් තමන්ගේ මල්ලි පිරෙනවා නම් ඒ ඇති. දරුවන්ගේ මනස කියවා ගැනීමට නොහැකි මේ වෛද්‍යවරයා පමණක් නොව තවත් වෛද්‍යවරු සිටිති. මේවා අපි නොඇසිය යුතු සිද්ධීන්...
දැන් දැන් වෛද්‍යවරුන් මැරයින්ගේ තත්වයට පත්වෙනවා. මේක තමයි විනාශය... එදා ජේ.අාර්. කියන පුද්ගලයා කිව්වා සාහිත්‍යය කන්නද කියලා මෙන්න සාහිත්‍යයක්, කලාවක් නොමැති සමාජයක ප්‍රතිඵල අදටත් මේ වගේ ව්‍යවසනයේ සුලමුල කොතැනද කියලා වටහාගෙන නැහැ. දැන් ඉන්න නායකයා කියන්නෙත් අාර්ට් කරලා වැඩක් නැහැ කියලා... එ් ගොයියගේ දැනීමේ තරම තමයි. මෙහෙම නායකයින් හදන රටක් තවත් නැහැ.
සමහර කමෙන්ට්ස් දැක්කාම පුදුම හිතෙනවා. නිකමටවත් මඩොල් දූව වගේ පොතක් කියවලා නැති අයද මේ කමෙන්ට්ස් දාන්නේ? ගම්වල හැදුණු සුන්දර ළමාවියක් නොතිබෙන්න අපි පොඩිකාලේ කරපු දඟ වැඩ. නමුත් අපේ ගමේ වැඩිහිටියෝ අපිව මරන්න හැදුවේ නැහැ. ඒක ළමයාගේ විනය නැතිකම නොවේ. ඒක ළමා ගතිය. මෙතන වෙලා තියෙන්නේ සුන්දර ළමා කාලයක් අහිමි වූ වර්තමාන ඇතැම් වැඩිහිටියන්ගේ නොමනා හැසිරීමයි.
සමහර ප්‍රතිචාර වල තියෙන්නේ තමන් තුල ඇති ප්‍රදේශ කවර් කර ගැනීම්. නමුත් වෙඩි තැබීම කෙසේවත් අනුමත කළ නොහැකියි. ඇත්ත නම් මිනිසුන් මෙවැනි තත්ත්වයන්ට ඉබේම පත් නොවන බවයි. දිගින් දිගටම එකම කරදරයක් විඳින පුද්ගලයාගේ මානසික මට්ටම මෙය විය හැකියි. වත්තට (වත්ත කිව්වට මේවා පර්චස් 10 කුඩා ඉඩම් විය හැකියි) නිතරම බොලේ වැටෙනවිට බෝලය ගන්න ළමයින් නිතර තාප්පය හරහා පනින විට එය කරදරයක් නොවන්නේ කාටද?.. අන් අයට කරදර හිරිහැර නොවන්න ට ළමයින් පුරුදු කිරීම කුඩා කාලයේදීම කල යුතුයි.. එසේ නැතිව ප්‍රතිඵලයට බැණ වැදී ඵලක් නෑ. සමහරු කියලා තියෙනවා ඒ ළමයින්ගේ හැටි කියලා... වත්තට වඳුරන් ඇවිත් විනාශ කරන විට කරදර කරන විට ඒ වඳුරන්ගේ හැටි කියලා ඉවසන් ඉන්න. වඳුරෝ එලවන්නේ නැති අය ඉන්නවද?
මෙහි දෙපැත්තක් තියනවා. අසල්වාසීන් නිවුස් වලට කියපු විදියට වහලයට ගල්ගහලා තියෙනවා.. දොස්තර හරි නෑ.. නමුත් තරුණයෝත් පෙන්නන්න හදන තරම් අහිංසක නෑ. මේක ගොඩාක් පොදු අත්දැකීමක්...