
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2019 වර්ෂයේදී ආරම්භ කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුගත වන අයුරින් 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද අතර, 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ අඛණ්ඩ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීමට හැකි වන පරිදි ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අදාළ අමාත්‍යවරුන්, ක්ෂේත්‍රයේ විශේෂඥයින්, නිලධාරීන්, වෘත්තිකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සමන්විතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd