
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාතර ග්‍රාමීය බැංකු සංගමයේ හිටපු සභාපති අනෙක් නිලධාරීන් අල්ලගෙන රුපියල් කෝටි 502ක පමණ මුදලක් වංචා කර ඇතැයි අතුරු කමිටු වාර්තාවකින් හෙළිවී තිබෙන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
මේ සභාපතිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන බව කී හෙතෙම අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළේය.
විවිධ සේවා සමූපකාර සමිති යටතේ තිබෙන තවත් ග්‍රාමීය බැංකු හැට අටක මූල්‍ය වංචා සිදුවී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය
මාතර ග්‍රාමීය බැංකු සංගමය මිලියන 5020ක් හොරා කාලා තියෙන්නේ. මේවා තැන්පත්කරුවන්ගේ සල්ලි.
මාතර ග්‍රාමීය බැංකු සංගමයේ සභාපති හිරේට ගියේ පොල් කඩන්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි. දැල් අදින්න ගිහිල්ලා අහුවෙලා නෙවෙයි. මාතර ග්‍රාමීය බැංකු සංගමය මාතර විවිධ සේවා සමූපකාර සමිතිය, මාතර ආරෝග්‍ය ශාලා සංගමය යන සංගම් තුනෙන් මිලියන 5000 කට වඩා මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා. මේ වෙනකොට සීඅයිඩියේ පරීක්ෂණයක් යනවා. එයා හිරේ. මේ වෙනකොට අයථා වත්කම් රැස්කිරීම පිළිබඳවද පරීක්ෂණයක් කෙරෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd