(අංජුල මහික වීරරත්න)

ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීමේ අරමුණින් ' ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ' කොරියානු EXIM බැංකුව යටතේ වන ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල විසින් සපයනු ලබන ණය මුදලක් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා 2018-06-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

එම ව්‍යාපෘතිය යටතේ ජාතික මට්ටමේ  ඉ- ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ දකුණු පළාත සහ නැගෙනහිර පළාත සඳහා පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.එමෙන්ම, සාමාන්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන යන අංග 3 ම ආවරණය වන අයුරින් විධිමත් ඉගෙනුම් ක්‍රම වේදයක් හඳුන්වා දීම පිණිස ඉ- ඉගෙනුම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂා කරනු ලබයි.