
(විනීතා එම් ගමගේ)
මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත.
ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ.
ඒ පිළිබඳ විරෝධතා නොමැති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යැවීමෙන් පසු මෙසේ අවසර ලබා දී ඇත.
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන 16 ක් මගින් කරන ලද විපරම්වලින් පසුව මෙසේ අවසර ලබා දී ඇතැයි පැවැසේ.
මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර 600ක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරන අතර ඊට යාබද මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදා ගෙන තිබේ.
ඉදිරි මාස හතර ඇතුළත පාරිසරික අධ්‍යයන වාර්තාව සකස් කර ඉදිරිපත් කරන බව එම සමාගම කියයි. අනතුරුව එය මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත් කෙරෙනු ඇති අතර ඒ සඳහා දින 90 ක කාල සීමාවක් ලැබෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම සෙල්ලම් පොඩි මිනිහට... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
දැන් කැලේ කපන්න, පරිසරය විනාශ කරන්න විරෝධතා කරලා වැඩක් නැහැ. නන්දසේන මේ වැඩේට බැහැලයි තියෙන්නේ? ඡන්දෙ කාලෙ පැළ හිටවා හිටවා කරපු රඟපෑම්වලට බයියෝ අහුවුණා. සිංහරාජයට දුන්නා වගේ... නන්දසේන ෆේල්. රටත් ෆේල් කරලා තමයි මේ මනුස්සයා ඇමෙරිකාවට පනින්නේ..
මුතුරාජවෙල කොටස් වශයෙන් පුත්ගලික අංශය මගින් පිරවීම නිසා දැනටත් ගංවතුර තර්ජනය වැඩිවී ඇත. අක්කර 600ක් අයිති වුණාට ජලය බැස යන මාර්ග අවහිර කොට හෝටල් සෑදීමට ඔවුන්ට අයිතිය නැත. රාගම, වත්තල වැනි ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා කිරීමට උනන්දු අයත් නැත. අන්තිමට පොදු අයිතිය සඳහා මුතුරාජවෙල ඉතුරු වෙන්නේ කොයි කොටසද කියා මහජනතාව දැනගත යුතුයි..
ඔය දාලා බලන්නේ මුට්ටිය නේද? මුතුරාජවෙලත් අපට නැතිවුණයි කියලා හිත හදාගමු නේද?
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා මහත් රුකුලක් වනු නොඅනුමානය.
පොහොට්ටුවන්ට ඡන්දෙදී මුදල්වලින් උදව් කල පණ්ඩිතරත්නට රටේ පහත් තෙත්බිම් ගොඩකිරීමටත්, ඒවා බලෙන් අල්ලා ගැනීමටත් ඇති අයිතිය ගැන විපක්ෂය කියන්නේ කුමක්ද...? කොළඹ අවට ගංවතුර පාලනය වන්නේ මේ තෙත්බිම් වලින් බව මධ්‍යම පරිසර අධිකාරයේ ලොක්කෝ දන්නේ නැතිද....? පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කරන්නට අවශ්‍ය නැහැ. මේ ඉඩම් අපි ව්‍යාපෘතිවලට අනුමත කරන්නේ නැහැ " කියලා කියන්න බය නිලධාරින් කුමකටද..? විපක්ෂය බලයට පත්වුනොත් ඔය ඉඩම් නැවත වන්දි නොදීම පවරාගන්නා බව කියන්න විපක්ෂ නායකයාට කොන්දක් නැතිද...? එහෙම නැති නම් බයටද...?
මේ ඔක්කොම බොරු, ඇස්බැන්දුම් දැනටමත් ඔය හෝටලේට අවසර දීලා ඇති. ඔය වාර්තා රටේ මිනිස්සු අන්දන්න. මේක දැන් රජපවුලක් පාලනය කරන දේශයක්. බලාගෙන ඉන්න අවසර තියෙනවා, අත දාන්න අවසර නැහැ. පේනවනේ උසාවියට ගිය කල...
කැසිනෝ මුදල්වලට යට වුණු අයගේ අනුමැතිය ලැබිලා... එම ඉඩමේම එංගලන්ත කුණු කන්ටේනර් ටිකත් දා ගත්තානම් හරිනේ. ඕකටද නිකම් පරිසර අධිකාරියක් නඩත්තු කරන්නේ..?