IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                                       
මහර හිරගෙදර ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා  බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන ලද වෙඩි පහරට ලක්වී රැඳවියන් 8 දෙනෙකු මියගොස්  50 දෙනකු තුවාල ලබා  රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු වන බව ඒ මහතා කීය .

තුවාල ලැබූවන් රාගම, කොළඹ ආදි  රෝහල්  වලට ඇතුළත් කර ඇත.

රැඳවියන් විශාල පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන පලා යාමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත. 



අදහස් (13)

බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 06:34 AM

මියගිය ජීවිත ගැන කණගාටුයි. ඒත් දෙවියනේ.. ප්‍රධාන ගේට්ටුව කඩාගෙන හිරෙන් පලායන්න දඟලනකොට වෙඩි නොතියා වෙන කුමක් කරන්නද?

:       0       0

some ayiya Monday, 30 November 2020 06:36 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       0       0

Ruhunu Monday, 30 November 2020 06:41 AM

මෙහෙම නොකළොත් මෙයාලා හැමදාම වහලවල්වල නැගලා හැමදාම උද්ඝෝෂණ කරන්න ගන්නවා. ඕවා ඇතුළට යන වැඩකරන්නම්.... ඕවා ඇතුලේ ඉන්න පුරුදු වෙන්න ඕනේ.

:       0       0

Rata Perata Monday, 30 November 2020 07:16 AM

මේ වගේ 100 ගුණයක වැරැදි කරලා හිරේ ඉන්න ඕනෑ අය රට පාලනය කරන කොට.. රැඳිවියන් මෙහෙම හැසිරෙන එක පුදුමයක් නොවේ.

:       0       0

fairoos Monday, 30 November 2020 07:22 AM

ඕක මොකක්ද? ඉන්න හිතෙන රටක් තියෙනවනේ සර්...

:       0       0

sanjeewa Monday, 30 November 2020 07:45 AM

රජයේ ලොකු රහස් ගොඩක් මේ එක්කම වැළලෙන්න ඇති.

:       0       0

chandana walikala Monday, 30 November 2020 11:02 AM

සුදර්ශනී නෝනේ, දැන් ඉතින් යන්න. තවත් මිනී මරන්නේ නැතිව. මිනීමරු රාජපක්ෂලා ඔක්කොම මේ අවුරුද්ද ඇතුළත මිනීකීයක් මැරුවාද...? කරන්න බැරිනම් පොඩි ළමයෙකුට හරි රට බාරදීලා තොලොන්චි වෙයව්. මෝඩ පාලකයින්ගේ වැරදිවලට මේ රටේ ජීවත්වන මිනිස්සුන්ටයි වන්දි ගෙවන්න වෙන්නේ...

:       9       21

ධම්මMonday, 30 November 2020 12:17 PM

ඔහෙලට රට බාරදීලා ලංකාව, ඇමරිකාවට සින්න වෙන්න දෙන්නද ඕනෑ. මොනවා වුණත් සිංහලයාට දැන් රටක් තියෙනවා. සිංහලයා කියන්නේ සරලව ජීවත්වෙන මිනිස්සු කොටසක්. ඇත්තටම මේ රට සංවර්ධනය කරනවා කියලා කෙරෙන්න ඕන සංකීර්ණ දේවල්... කම්පියුටර් තාක්ෂණ අටමගල්, ප්‍රජාතන්ත්‍රවාදෙ අයින් කරන එක...

:       0       0

prabha Monday, 30 November 2020 12:04 PM

අපේ පෙති විශාරද, පෙති පියා කියන්නේ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා.

:       0       0

Nisha Monday, 30 November 2020 01:08 PM

දැන්නම් රටේ ජීවත් වෙන එක අවදානම්... මේ අය බල්ලෝ වගේ මිනිස්සු මරනවා. ලංකාවේ මරණ දඬුවම දෙන්නේ පොලීසිය, හමුදාව, බන්ධනාගාර නිලධාරීන්... නිකන් 88/89 වගේ. අපට වැරදුණා. අවස්ථාවාදීන් බලයට එනකම් බලයට එනකම් සිංහලයාව රැවැට්ටුවා.

:       6       14

Demuni Uduwara Monday, 30 November 2020 06:15 PM

ඔබ නිවැරැදියි. බහුතරයක් දෙනා මුලාකරනවා. පාලකයා පරිණත නොවූ, අදක්ෂ අයෙක්...

:       0       0

pradeepa Monday, 30 November 2020 03:00 PM

හොඳ වෙලාවට පිල්ලෙයාන්, බදූර්දීන් නිදහස් කළේ.. නැතිනම් අහිංසකයින් දෙන්නෙක් මැරෙනවා.

:       0       0

chandana Monday, 30 November 2020 06:34 PM

පව් මේ බන්ධනාගාර ගතවෙලා ඉන්නෙ සිල් අරගෙන නවගුණවැල අතේ තියාගෙන හිටපු සාමකාමී අහිංකයින් පිරිසක්. මොවුන් කිසිම ජඩ වැඩක්, සමාජවිරෝධී වැඩක් කරලා නැහැ. මොවුන්ගෙන් කොවිඩ් රෝගීන් ටික වෙනම තෝරලා සමාජයට කොවිඩ් රෝගය මුදාහරින්නයි. කුඩු කාරයින් නැවත සමාජයට මුදාහැරලා නැවත කුඩු ප්‍රචලිත කරන්නයි ඇයි බන්ධනාගාර නිලධාරීන් ඉඩ නොදෙන්නේ..? දැකපු අදහස් අනුව පේන්නේ මේ රටේ සමාජ විරෝධීන් සිටිනවාට කිහිප දෙනෙකු කැමති බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 893 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 580 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 334 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 348 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 869 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 411 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 257 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site