කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද(28) මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 10.30ට පළ කළ නිවේදනයේ දැක්වේ.

මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 109 කි.