
(විනීතා එම්. ගමගේ)
සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
සංචරණ සීමා නවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා තැබිය යුතු වන්නේ එයින් ද වයිරසය පැතිර යාමවැඩි විය හැකි නිසා යැයි ද රෝහණ මහතා සදහන් කළේය.
එමෙන්ම, පුත්තලමේ පදිංචි ධීවරයින් අතර කොවිඩ් 19 වසංගතය පැතිර යාම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දී තිබේ.
ධීවර කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් සිටිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉතා තදින් අනුගමනය කරන්නැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහි ධීවරයින් ගෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළගෙඩි දෙක තුනක් ගංගාවල් දෙක, තුනක පා කරලා ඇරලා තත්වය පාලනය කරගන්න පුළුවන් බව අපේ සෞඛ්‍ය ඇමතිතුමිය සහ රාජකීය වෛද්‍යවරයා පෙන්වූවා.