(ප්රියානි මංගලිකා සහ පුෂ්පකුමාර ජයරත්න)
දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු කොබෙයිගනේ ප්රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කර ඇති බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
මියගොස් ඇත්තේ නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල්, රත්නායක නැමති දෙදරු පියෙකි.
කොබෙයිගනේ දැදුරුඔය වැලි ජාවාරම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයට යට කරන ලද එම නිලධාරීයා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි. වැටලීමට ගිය සෙසු නිලධාරීන්ටද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සහ අදාල ටිපර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකාර රියැදුරාට එරෙහිව නීති විරෝධී වැලි ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක්ම පවතින බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු කෙනාවත් යටකරලා මරලා දාන්න. තියන්න එපා ඔය වගේ පව්කාරයින්.. පොලිස්පතිතුමනි, කරුණාකරලා වෙඩිතියන්න අණකරන්න. නැත්තම් හදන්න බෑ ඒ අයව..
මෙවැනි අවස්ථාවල ජනතාව පොලිසිය වෙනුවෙන් ඉදිරියට එන්න ඕනෑ. රජයට බලකරන්න ඕනෑ මෙවැනි හොරුන්ව අල්ලලා උපරිම දඬුවම් දෙන්න. එහෙම වෙන්නේ නැතිනම් පොලිසියට තියෙන්නේ තමන්ගේ පඩිය අරගෙන රටේ ඕන හොරකමක් උනාදෙන් කියලා නිකන් ඉන්නයි. අපේ රටේ පාලන ක්රමය එන්න එන්නම නොදියුණු රටක් බවට අපේ රට පත්කරමින් ඉන්නවා.
මේ වගේ අයව එක්කන් යන්න ඕනේ ගොඩදාපු වැලි පෙන්නන්න. එතකොට අනික් මේ වගේ අයත් පාඩමක් ඉගෙන ගන්නවා. දඬුවම් දෙන්න ඕනේ සමාජය හැදෙන්න.
මෙවැනි ජාවාරම් කරුවන් නමගිය අපරාධ කරුවන්ට වඩා දරුණුයි. නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුයි.
ඔහුට විරුද්ධව තිබෙන පරණ නඩු නම් දේශපාලන පළිගැනීම් වශයෙන් හිටපු අාණ්ඩුවෙන් පවරපු ආණ්ඩුවෙන් පවරපු බොරු නඩු වෙන්න ඇති...
ඔය විදිහේ වැඩ කරන්න ජාවාරම් කාරයින්ට දේශපාලන සවියක් තියෙන බවක් පෙනෙනවා.
ටිපර් එකේ මනුස්සයාට චණ්ඩි පාට් දාලා පොලිස් බලය පෙන්නන්න ගිය නිසා යට කරන්න ඇති කියලා හිතෙන්නේ මට විතරද?