
(බන්දුල ඉලේපෙරුම)
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
මේ පොකුර ඇතිවූ ආකාරය මෙම සිද්ධියට හේතු මොනවාද යන්නත් වෙනමම සොයා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ බෝගම්බර බන්ධනාගාරයේද මෙවැනි සිදුවීම් ඇතිවන බව පෙන්වා දුන්නේය.
මේ අතර මේ පිළිබඳ අදහස් දක්වමින් බන්ධනාගාරවල සිටින ආසාදිතයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගත් බවත් ප්‍රතිකාර ආදී සියලු දේ ඔවුනට ලබාදුන් බවත් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට අධිකරණ ඇමැති සමග සාකච්ඡා කර මත්ජාවාරම්කරුවන් හා භාවිත කරන්නන් ලෙස දඬුවම් ලැබූවන් අවම වරදවල් කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කර ඇප ලබාදීමට කඩිනමින් කටයුතු යොදන බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
මේ වනවිට මහර ඇතිවූ සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයිද මේ පිළිබඳ සොයා බැලීමට රජයට මෙන්ම බන්ධනාගාර අමාත්‍යංශයට ද අවශ්‍ය බවත් මෙයට සම්බන්ධ කවුද යන්න සොයා ඉදිරියේදී මෙවැනි තත්ත්ව අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරිය කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා කැණීම් දාලා මේ රටේ ප්‍රශ්න අමතක කරවන්න බැහැ. විශේෂයෙන් පාස්කු කොමිසමේ අහන තොරතුරු බොරු ඇත්ත වගේ ඒවත් තිබ්බා. ඒවා කැත වැඩ කෝ දැන් ඒ පාස්කු කාරයො ඇල්ලුවද?
කොමිසමක් දැම්මට වැඩක් නෑ. නිවැරදි තොරතුරු එන්නේ නෑ. මේ වෙලාවේ නිකම් වියදමක්, මීට පෙර දාපු කොමිසම් වාර්තා කෝ?
ප්ලැකනිල් පෙත්තක් බීලා නිදාගන්න.
අනේ ඔය කොමිසම් බල්ලාට දාන්න. ඕවා දැකලා අපිට ඇතිවෙලා අවුරුදු 72ක් ඇතුළත...
පියතුමාව ඝාතනය කළ අයටත් කොමිසමක් පත්කරන්න ඕනෑ.
කොහොමත් රාජපක්ෂ ආණ්ඩු කාලෙදී හිර කාරයින් මැරෙන ඒවා, උද්ඝෝෂණ වලදී මැරෙන ඒවා, ආයුධ පෙන්නන්න ගිහින් මැරෙන ඒවා සාමාන්‍ය දේවල්...
මෙතුමාගේ පියාගේ කාලයේ පත්කළ කොමිසම්වලට මොකද වුණේ..?
රටේ කොතැනද අපරාධකාරයෙක් වෙනුවෙන් හඬක් නැගෙන්නේ? අන්න එතන අපේ ගරු විපක්ෂනායකතුමා ඉන්නවා. ඒ වගේම ඒ කාලේ ඔය "යටාරෝ" වගේ වධකාගාරයක් කොතැනද? අන්න එතන "ආදරණීය පියාණන්ගේ" නම කියවෙනවා.
රනිල්ගේ කොමිසන් කමිෂන් තියරිය දෙපැත්තේම අය කරලා ලැබුණු එක ප්‍රතිඵලයක් කියන්නම්... කමිෂන් නොවේ සිරකරු අයිතිවාසිකම් සහ නිරායුධ සිරකරුවන් මරාදැමීමේ සංකල්පය නැවත ක්‍රියාත්මක කිරීමක් නිසා මානව හිමිකම් සහ මිනීමැරීම් සඳහා විශේෂ කටයුත්තක් ලෙස සලකා නඩු මගට යන්න පුතාණො තුමනි..
කොමිසමක් නොවෙයි මනුස්සයෝ, නියම විපක්ෂ නායකයෙක් වශයෙන් දැන් පාරට බසින්න කාලයයි. එහෙන් රාජපක්ෂලා රටේ කැලෑ එළිකරනවා, හිතවතුන්ට බෙදනවා. චීන්නුන්ටයි ඉන්දියන් කාරයින්ටයි දෙනවා. මෙහෙන් මිනී මරනවා. මේ අවුරුද්දට මිනිස්සු කීදෙනෙක් මැරුවාද?
69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත්කරලා දැන් සජිත්ට බනිනවා. ලංකාවේ ඉන්නේ මාර මිනිස්සු.
ගරු විපක්ෂනායකතුමනි, මේ රාජපක්ෂවරු කරන අපරාධ ලෝකයාට හෙළි කරන්න. අපිටත් ජීවිත තර්ජන තියෙනවා. වැලිකන්ද පොලිසියේ ලක්ෂ ගාණක වැලි මංකොල්ලයක් ගැන හෙළි කළා කියලා. බලද්දී මේ අය සම්පත් මංකොල්ල කන මාෆියාවක්... මේ විදිහට තැන තැන මිනිස්සු මැරෙනකම් බලන් ඉන්න එපා.
අමරසිරි ගණන් කරන්නද ඉගෙන ගත්තේ ඊයේ වගේ..?
ගරු විපක්ෂ නායක... වහා අවදානය යොමු කරන්න.. මේ විදිහට මිනිස්සු මරන්න ඉඩතියන්න එපා. ලෝකයට හෙළි කරන්න. ලොකු මර්දනයක් රටපුරා තියෙනවා.
"උන්" බලයේ ඉන්නා විට "මුන්" කොමිසම් ඉල්ලන්නේ... මුන් බලයේ ඉන්නාවිට උන් කොමිසම් ඉල්ලන්නේ... අර්සස් අමාරුවටත් මුන් කොමිසම් ඉල්ලන්නේ... මේවගේ අය නොවේදැයි වැජඹෙන්නේ...
සහතික ඇත්ත... දැන් අපේ මේ සජි පුතා "ප්‍රේම" වගේම සත්ගුණවත් "දේශමාන්‍ය, හීනමාන්‍ය" පිං කඳක්...