IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර ජාතික රෝහලේ 18 කට කොරෝනා


 
(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)
 
මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයේ 8 දෙනෙකුට  කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
 
මේ අනුව මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති සංඛ්‍යාව 18 ක් බවද ඉරේෂා මහත්මිය සඳහන් කළාය.
 
මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට  පසුගිය 26 දින භාජනය කිරීමේදි උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බව පරීක්ෂන වලින් තහවුරු වීමත් සමග ඊයේ (27) එම අංශයේ නිලධාරින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත. මේ වනවිට එම අංශයේ සමීපතයින් ඇතුලු සියලුම අය අද (28) දිනයේ පීසීආර් පරීක්ෂණ වලට ලක් කරමින් සිටින බවද මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසිය.
 
     මෙම තත්වය හේතුවෙන් මහනුවර ජාතික රෝහළේ උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකය  ශල්‍ය වාට්ටුව වසා දමා ඇති අතර රෝගින් මහනුවර රෝහල වෙත මේ අවස්ථාවේදි රෝගීන් එවිය යුතු නොවන බව ප්‍රාදේශීය රෝහල් දැනුවත් කර ඇති බවද අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.
හදිසි ශල්‍යකර්ම හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත්  කිසිඳු අවස්ථාවක රෝහල වසා දැමීමේ අවදානමක් මහනුවර රෝහල තුළ නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසීය.
 
මේ වනවිට කෝවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලයේ අය තෙල්දෙනිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා යවා ඇති බවත්, මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය කාරණයකට හැර සුළු අසනීප වලට  ප්‍රතිකාර ලබා ගැනීමට මෙම අවස්ථාවේදි හැකිතරම් රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළාය.



අදහස් (0)

මහනුවර ජාතික රෝහලේ 18 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13987 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site