
(තරංග ගුණරත්න සහ එස්.ඩි. කොඩිකාර)
කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය හෙට (30) දින සිට සතියක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලය පැවසීය.
කනංකේ පොලිස් බල ප්‍රදේශයේ වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හත්දෙනෙකු හඳුනාගැනීම සමග පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට නියමිත බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා කීය.
වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත මෙම තීරණය ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ , පෑලියගොඩ පොකුර රටපුරාම පැතිරිලා දැන්.