
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 140 ට පමණ අද පීසීආර් පරීක්ෂණ පරීක්ෂණ සිදුකළ බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු එම නිලධාරීන් සියලුම දෙනා දින 14ක කාලයක් නිවෙස් වල නිරෝධායන යෙදෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් කෙරෙන සියලුම රාජකාරි කටයුතු වෙනත් පොලිසිවලින් නිලධාරීන් අනුයුක්ත කර සිදු කරගෙන යාම සඳහා මෙ වන විටත් කටයුතු කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd