
බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක සිදුවූ දෝෂයක් හේතුවෙන් 1300ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට සාවද්‍ය ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නොවැම්බර් 19 සිට 23 දක්වා කාලය තුළ සිදුකරන ලද පරීක්ෂණ 1,311ක් කෝවිඩ් ආසාදිත ලෙස සටහන් වී ඇති අතර එම නිගමන නිවැරදි නොවන බව පසුව අනාවරණය වී තිබේ.
කෙසේ වුවද මේ සම්බන්දව කඩිනමින් පියවර ගැනීමට බ්‍රිතාන්‍ය සෞඛය අංශ කටයුතු කර තිබේ.
මෙය නිවැරදි කිරීම සඳහා පීඩාවට පත්වූවන්ට දැනුම් දුන් බවත් ඔවුන්ට තවත් පරීක්ෂණයක් කිරීමටත්, රෝග ලක්ෂණ ඇත්නම් ස්වයං නිරෝධායනය වීමටත් ඉල්ලා සිටි බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම ගැටලුවට තුඩුදුන් රසායනාගාර දෝශය හුදකලා සිදුවීමක් බවත් එය විමර්ශනය කරමින් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පවසා තිබේ.
බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 1.5ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 57,551කට අධික සංඛ්‍යාවක් සිදුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද බ්‍රිතාන්‍යය තුළ, ඒ ටෙස්ට් එක වැරදුනේ? බොරුව සමාජ ගත කරන්න එපා.. සමහරවිට ඔය ටෙස්ට් එක ලංකාවේ වැරදිලා ඇති. එකට බ්‍රිතාන්‍යය පලි නැහැ. දන්නවද බ්‍රිතාන්‍ය කියන එකේ තේරුම වත්? රටවල් කීයක් මහා බ්‍රිතාන්‍යයට අයිතිද?
මරු නිව්ස් එක...