(විනීතා එම් ගමගේ)
සෞදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම යළිත් ආරම්භ කල බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
කොවිඩ් 19 වයිරසය ලොව පුරා පැතිර යාම හේතුවෙන් මාස 10 කට ආසන්න කාලයක් සෞදි ආරාබිය විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නවත්වා තිබිණි.
සෞදි අරාබිය විදෙශ ශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ආරම්භ කළ පසුවත් විදේශ රැකියා නියෝජිතායන වල පැවැති ගැටළු කිහිපයක් හේතුවෙන් එරටට ශ්‍රමිකයන් යැවීම ඇණහිට තිබිණි.
මේ සම්බන්ධව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මැදිහත්ව පවතින ගැටළු නිරාකරණය කිරීමට ගත් තීරණයත් සමඟ මෙම පිරිස යැවීමට රැකියා නියෝජිතායතනපියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නැවත ශ්‍රමිකයන් යැවීම ආරම්භ කරමින් අද (28) අලුයම ශ්‍රී ලාංකික පිරිමි ශ්‍රමිකයන් 60 දෙනෙක් සවුදි අරාබිය බලා පිටත්ව ගිය බව ද එම නිලධාරියා සඳහන් කළේය.
180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වූ බවත් සෞදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙම ශ්‍රමික පිරිස යොමුකර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සා ඉවර වෙලා එන්න නැතිව ඉන්න අය ගැන කතා කරන්න කවුරුවත් නෑ. යන්න දෙන්න පුළුවන් නම් අපිට එන්න දෙන්නේ කවද්ද?
යැව්වට කමක් නෑ. එහෙ ඉන්න අය නම් කොරෝනා ඉවරයක් වෙනකම් ගේන්න එපා මෙහෙට. අපිට බෑ මෙහෙම දුක් විඳින්න.