’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 21 June 2020
දෙනියායේ පොහොට්ටුවේ ආධාරකරුවන් සමග ගැටුමෙන් තුනක් රෝහලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක දී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පවසයි. 21 June 2020
පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක් හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රනවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 21 June 2020
‘’කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි’’ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නිසා ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 21 June 2020
ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 21 June 2020
කොරෝනා වක්‍රය පහළ බසී ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි. 21 June 2020
දිනක් ඇතුළත පාකිස්තානයේ ආසාදිත මරණ 153 ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිත මරණ ගණන වාර්තා වූ අතර එම ගණන 153ක් ලෙස දැක්විණි. 21 June 2020
‘’කරුණා අම්මාන්ව අත්අඩංගුවට ගන්න ජනාධිපතිට අවස්ථාවක් ලැබිලා තියෙනවා’’ තමන් විසින්ම ත්‍රිවිධ හමුදාවේ දෙතුන්දාහක් මරා දමන්න නියෝග කළ බව ප්‍රසිද්ධියේ කියමින් පිළිගන්නා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානයේ නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ ඝාතකයා ගැන වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් ලැබී ඇති බව දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර් ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (21) ඇඹිලිපිටියේදී පැවසුහ. 21 June 2020
සිංගප්පුරුවේදී සිරදඩුවමක් නියමව සිටි ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීම හේතුවෙන් සති හතරක සිර දඬුවමක් නියම වී ඇති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 June 2020
‘’19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද විහිලුවක් වෙලා’’ ’’අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දහවල් වාරියපොල දී පැවසීය. 21 June 2020
කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 21 June 2020
’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’ අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 21 June 2020
ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (21) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 15,413ක් විය. 21 June 2020
මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට තොරතුරු දැනගැනීමේ පනත යොදාගනී මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය දේපල අවභාවිතය සිදුවන අවස්ථාවල දී ඒ පිළිබඳ විස්තර ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත අනුව ක්‍රියාත්මක වන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. 21 June 2020
උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ . 21 June 2020
ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස හෙට සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි. 21 June 2020
මාලේ සිටි ලාංකිකයෝ 225 ක් එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට පමණයි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කර ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය. 21 June 2020
අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
කෝටියක කේරල ගංජා අල්ලයි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 21 June 2020
උඩරට දුම්රිය මග යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) උදෑසන යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 June 2020
කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් - යුද හමුදාව අතර ගැටුමක් කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි. 21 June 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අදට 14,516 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද දිනයේදී වාර්තා විය. 20 June 2020
උඩරට මගේ දුම්රියක් පීලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසිය. 20 June 2020
‘’කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය ගැන රජය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’’ මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින විනයාගමුර් ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම ප්‍රකාශ ඉතා බරපතල ප්‍රකාශයක් බවත් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා අද (20) පැවසීය. 20 June 2020
‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය. 20 June 2020
එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 20 June 2020
පැල්මඩුල්ලේදී බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් කුඩා දැරියක් මරුට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල දිප්පිටිගල ප්‍රදේශයේ දි අද (20) උදෑසන ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන්හැවිරිදි දැරියක් මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 20 June 2020
චෙන්නායි සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් චෙන්නායි සිට අද (20 )අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 20 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026