බලපිටිය-ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ මණ්ඩලය ලෙඩ නිවාඩු දමති අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද (23 ) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වී ඇත. 23 June 2020
කටාරයේ සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින්ට බෙදන්න අතවශ්‍ය අහාර ද්‍රව්‍ය පාර්සල් 1000 කටාරයේ සිරවී සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කට්ටල 1000ක් එරටට යැවීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 23 June 2020
හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි. 23 June 2020
වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. 23 June 2020
සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම තමන්ට ඇඳීමට සුදුසුද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 23 June 2020
ඇමෙරිකාවේ රැඳී සිටි ලාංකිකයන් 217දෙනෙකු කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 23 June 2020
සංස්ථා - මණ්ඩල 5 ක වැටුප් ගෙවිය නොහැකි තරමේ මූල්‍ය අර්බුදයක් කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති සංස්ථා හා මණ්ඩල පහක සේවක වැටුප් පවා ගෙවිය නොහැකි අන්දමින් මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. 22 June 2020
මුහුදු මහා විහාරයට අයත් ඉඩමේ සංවර්ධන කටයුතු නොකරන ලෙස නියෝගයක් පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්යක්ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහෙස්ත්‍රාත් මොහෝමඩ් රාෆි මහතා දෙපාර්ශවයටම අද (22) නියෝග කළේය. 22 June 2020
පාකිස්තානය වැඩිම ආසාදිතයන් සිටින මුල් රටවල් 10 අතරට දෛනිකව වැඩිම නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන මුල් රටවල් 10 අතරට පාකිස්තානය පැමිණ ඇත. 22 June 2020
අධිබල යතුරු පැදි ලියාපදිංචියේදී ලක්ෂ 8 ක අධිභාරයක් එන්ජින් ධාරිතාව සීසී 450 ත් 1001 ත් අතර යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 8 ක අධි භාරයක් පැනවීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත. 22 June 2020
මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට සිම්කාඩ් පතක් ලබාදුන් බව කියන එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර බන්ධනාගාර නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය. 22 June 2020
හරීන්ගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ඇති අවමන් සහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටී. 22 June 2020
දිය නෑමට ගිය සිසුවා දියේ ගිලී අතුරුදන් ගිංතොට මෝයකට අසළ දිය නෑමට ගිය 13හැවිරිදි පාසල් සිසුවෙකු අද (22) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 22 June 2020
වරාය සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටලති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ අද (22) පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ. 22 June 2020
ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ කළමනාකාරිනියක් රිමාන්ඩ් ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කළාය. 22 June 2020
කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 22 June 2020
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙනකු හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 22 June 2020
අලි රොෂාන් නඩුවේ 4 ක් නිදොස් කොට නිදහස් වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනිය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය. 22 June 2020
බස්නාහිරින් බරපතල අපරාධවලට සම්බන්ධ 86 ක් අත්අඩංගුවට විශේෂ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ බරපතළ ගණයේ අපරාධ 86 කට සම්බන්ධ සැකකරුවන් 86 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 22 June 2020
අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් හවුල්කරගනිමින් විමර්ශනයක් ආරම්භ කළ යුතුයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය වීමේ ආරම්භය අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කරවීමට ගත් තීරණය බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකාව විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත්, 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ඇමැතිවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා පවසයි. 22 June 2020
‘ ණයක් දෙනවානම් සෑම කලාකරුවෙක්ටම දෙන්න ‘ ‘කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් එය එදිනෙදා මුදලක් සොයාගෙන ජීවත් වන අහිංසක කලාකරුවන් වෙනුවෙන් ද ක්‍රියාත්මක වියයුතු‘ යැයි ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ මහතා ප්‍රකාශ කළේය. 22 June 2020
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට යාපනය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ තිබී ටී.එන්.ටී නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරයි ග්‍රෑම් 500 ක් රැගෙනයාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු අද(22) යාපනය අරියාලෙයිහීදි අත්අඩංගුවටගත් බව පලෙයි පොලිසිය කියයි. 22 June 2020
අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය 22 June 2020
‘කරුණා අම්මාන් කළ ප්‍රකාශයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි’ හමුදා සාමාජිකයන් තුන්දහසක් පමණ මරා දැමූ බවට ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුව ඇතැයි දෙමල ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කොළඹදී පැවසීය. 22 June 2020
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව අද සිට යළිත් කොවිඩ් 19 වසංගත තත්තවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද(22) දින සිට යළි ආරම්භ විය. 22 June 2020
සඳහිරු සෑයට රත්තරන් කිලෝ 8 ක් නිදහස් කළේ මගේ ලිපියකට නොවේ සඳහිරු සෑයට රේගුව සතුව තිබූ රත්තරන් ක්‍රිලෝග්‍රෑම් අටක් නිදහස් කර තිබුණේ තමාගේ ලිපියකට අනුව නොවන බව දැන දැනත් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළා යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න මහතා ඉකුත් 19 වැනිදා පැවසීය. 22 June 2020
හෝර්ටන්තැන්න තෙමසකට පසු විවෘත කරයි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමේ අවදානම නිසාවෙන් වසා දමා මාස තුනකට පසුව යළි විවෘත කිරිමත් සමඟ මේ දිනවල වනෝද්‍යානය නැරඹීම සදහා දේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට පටන්ගෙන ඇතැයි උද්‍යාන භාර නිලධරයෝ පවසති . 22 June 2020
රජයේ දේපළ ඡන්දයට යොදාගැනීම වළක්වමු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී ඇති නිල වාහන නැවත බාර දී ඇතිදැයි සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම මගින් ආරම්භකර ඇතැයි අපි පසුගිය දිනක ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කළෙමු. ඒ සමග ඇමැති කාර්ය මණ්ඩල සහ සංස්ථා දේපළ පරිහරණය සම්බන්ධයෙන් ද සොයා බැලෙනු ඇත. මේ පියවර ගනු ලබන්නේ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. 22 June 2020
එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි තමා ඇතුළු 99 දෙනකුගේ එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලු වාරණය කොළඹ දිසා අධිකරණය අද (22) ප්‍රතික්ෂේප කළේය. 22 June 2020
කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය. 22 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026