(අජන්ත කුමාර අගලකඩ)
එන්ජින් ධාරිතාව සීසී 450 ත් 1001 ත් අතර යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 8 ක අධි භාරයක් පැනවීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත.
මේ සඳහා අනුමැතිය ඉල්ලා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මෙරට වාර්තා වල ධාවනය කරන යතුරු පැදිවල එන්ජින් ධාරිතාව සීසී 1000 නොඉක්මවිය යුතු බවට 2014 වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව සීසී 1000 දක්වා යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත.
ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට එවකට නොහැකි වී ඇත.
මේ අතර එන්ජින් ධාරිතාව සීසී 450 ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කිරීම අත් හිටුවන ලෙස 2016 වසරේදී කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වා ලියාපදිංචි නොකළ සීසී 450 ත් 1000ත් අතර යතුරු පැදි භාවිත කරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බැවින් අධි භාරයක් පනවා ඒවා ලියාපදිංචි කිරීමට අවසර දෙන්නැයි ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගෙනැල්ලා තියෙන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
රජ්ජුරුවන්ගේ කුමාරවරුන්ට අහසින් යන්න වැඩ පිළිවෙළ තමයි මේ සැකසුවේ.
ලංකාවේ බොහෝ පාරවල් වල ධාවන තත්වය දිහා බැලුවිට පෙනෙන්නේ මහා පුදුම අවාසනාවන්ත තත්ත්වයක්.. පාරවල් වල වාහන පිරිලා. කිසිඳු ක්‍රමවේදයක් මේ සඳහා සකස්කොට නැහැ. තනි පැත්තට දිවෙන මං තීරු රටපුරා ඉදිකළ යුතුයි.. දැන් පවතිනුයේ මෝටර් සයිකලේ පටන් බර වාහන දක්වාද, මගීන්ද, සතුන්ද සහිත පාරකි. පාර පටු වුවත්, මැදින් ඇති ඉර කැපුවොත් දඩ කොළ දීමට පොලීසිය නිරතුරුව සූදානමින් සිටියි. නීතිය මෙය වුවත්, බස් හෝ බර වාහන දෙකක් ඉර නොකපා හැකි නම්, එක්වර ධාවනය කරවා පෙන්වන මෙන් පොලීසියෙන් ඉල්ලමි. මෙවන් මාර්ගවල අධි බලැති මෝටර් සයිකල් ධාවනය සඳහා අවසර දීම සුදුසු වන්නේ කෙසේදැයි මොළය නිසි ආකාරයෙන් ක්‍රියාකරන ඕනෑම කෙනෙකුට සිතේ..
මමත් බලබල ඉන්නේ මගේ 2200සීසී ‘‘ට්‍රයම්ප් රොකට් 3‘‘ බයික් එක ලංකාවේ ලියාපදිංචි කරන්නේ කොහොමද කියලයි.
අධිභාරය කියන්නේ මොකක්ද කියන්නකෝ ඔක්කෝටම කලින්...
සාමාන්‍ය මෝටර් බයිසිකල් අනතුරු වෙන ප්‍රමාණය බලද්දී මේවත් ආවහම තව වැඩි වෙයි. එක්කෝ තරග වලට විතරක් අවසර දෙන්න.
• 450cc - 1000cc යතුරුපැදි වලට පවතින රජය යටතේවත්, ලියාපදිංචි කර ඇති හා නැති යතුරුපැදි සියල්ලටම නිසි නීත්‍යානුකූල පසුබිමක් ලබාදී එම යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඉඩ ලබා දෙන්නේද? කරුණාකර ශ්‍රී ලංකා පොලිසිය සමඟ විධිමත් සාකච්ඡාවක් පවත්වා පවතින නීතිය යටයේ යතුරු පැදිවලට ඇති පසුබිම නිසිලෙස ඔවුන්ට වටහා දෙන්න. පොලිසියේ සියලු නිලධාරියෙක්ම මනාව දැනුවත් කරන්න. මන්ද, අද වනවිට සමහර පොලිස් මහත්වරුන් හිතුමතේට යතුරුපැදි සම්බන්ධ නීති ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කරන බැවිණි. එයින් වන්නේ යතුරුපැදිකරුත් පොලිස් නිලධාරීනුත් හුදෙක් අපහසුතාවයට පත්වීම පමණි. 250cc හා 450cc තෙක් යතුරුපැදි නීතයානුකූලව ලියාපදිංචි කළ හැකිව තිබියදීත්, එසේ ලියාපදිංචි කළ යතුරුපැදි මහාමාර්ගයේ ධාවනය කරන අවස්ථා වලදී නිකරුනේ පොලිස් මහත්වරුන් විසින් යතුරුපැදිකරුවන්ට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ ඇයි?