(විනීතා එම් ගමගේ සහ මහින්ද නිශ්ශංක)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ අද (22) පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ.
මීට දින පහකට පෙර ගෙන එනු ලැබූ ඉකුත් 20 දා ගොඩ බෑමට නියමිතව තිබූ නමුත් එය සිදු නොවූ බවත් දොඹකර නැවෙන් බෑම අද (23) ආරම්භ නොවුනහොත් සියලු වෘත්තිය සමිති එක්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වරාය ස්වාධීන වෘත්තිය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.
චීනයෙන් ගෙන්වන ලද මෙම දොඹකර සවිකරනවා වෙනුවට ඉන්දීය රජයේ බලපෑම් මත ආපසු යැවීමේ උත්සාහයක් පවතින බවට සැකකරන්නේ යැයි කී බංගමුවගේ මහතා මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන තුරු සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සිටින බවත් සාකච්ඡාවක් නොලැබුණ හොත් හෝ මෙම දොඹකර ගොඩබෑමට කටයුතු නොකලහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් කියා සිටියේය.
මේ සම්බන්ධව වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ පවතින්නේ ඉකුත් රජය සමයේ සිට පැවැතෙන ප්‍රශ්නයක් බවත් එය ඉක්මනින් විසඳාගත යුතු බවත් කීය.
ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වීරමන් මහතා කීය.
වත්මන් රජය පැමිණි පසු එම යෝජනාවෙන් ඉවත්ව වරාය අධිකාරිය විසින්ම නැගෙනහිර පර්යන්තය ඉදිකළ යුතු බවට තීරණය කරමින් කටයුතු කළ නමුත් ගිවිසුම ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බව ද උපසභාපතිවරයා පැවැසීය.
පවතින තත්ත්වය යටතේ අධිකාරිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බව කී සභාපතිවරයා සාකච්ඡා කර යම් පියවරක් ගැනීමට බලාපොරාත්තු වන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුව එතකොට වික්කේ හම්බන්තොට වරාය විතරක් නෙමෙයිනේ... කොළඹ වරායත් විකුණලා...
දැන් සිරිසේන නෙමෙයි ජනාධිපති, අපේ ගෝඨාභය සර්... තමයි ඉන්නේ. මොකටද ඉන්දියාවට බය?
"නිදහස ලැබුණුදා සිට මේ රට පාලනය කළ දුෂ්ට, දුෂිත, ආත්මාර්ථකාමී, බලලෝභී..දැක්මක් නැති.. පම්පෝරිය පමණක් ඇති දේශපාලුවනේ... මේ අහගනිල්ලා එක එක දුෂ්ට රටවල් වලින්, රටේ අහිංසක ජනතාවගේ නම විකුණා " හිඟාකෑවානම්... ඒ සල්ලි හොරා කෑවා නම්... දැන් ඒ සියල්ලම වමාරන්න කාලය ඇවිත්... මම කියන්නේ නැහැ හෘද සාක්ෂියෙන් අසන්න කියලා.. මොකද එකෙකුටවත් හදවතක් තිබුණු බවක් අසා නැති නිසා..
හම්බන්තොට වරාය ගොඩ නැගුවේ ඉතාමත් අවම සාක්ෂතා අධ්‍යයනයක් කිරීමෙන් පසුව පමණයි. වර්තමානය වන තෙක්, වරාය ගොඩනැගීමට ගත් ණය පියවීමටවත් ඉන් අදායමක් ලැබුනේ නැති බැවින්, එය චීනයට භාර දීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අප වැඩියෙන්ම ණය ලබා ගන්න අනිත් රට වන ඉන්දියාව කොළඹ වරායෙන් ජැටියක් ඉල්වා සිටියේය. මේවා ණයට සිදුකරන ව්‍යාපෘති අපරික්ෂාකාරී අයුරින් කිරීමේ ප්රතිඵලයි.
ගිය ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නා නම් මොන මගුලකටද චීනෙන් දොඹකර ඕඩර් කලේ? ලොක්කෝ බොරු කියනකොට අතේ මාට්ටු. ඔය විරුවා, මෝඩිට ටෙලිෆෝන් එකෙන් වෙච්චි පොරොන්දු ඉටුකර ගන්න කන්න වෙන පරිප්පු තමයි. දැන් වහල්ලු කැස්සට වැඩක් නෑ.
ගාලු මුවදොර හමුදා මූලස්ථානය ශැංග්‍රිලා එක්ක සින්නක්කර විකුණපු එකේ.. ඕවත් වැඩද?
මේවා දකිනකොට ඇඟේ මාලු නටනවා. මේ අය එදා කිව්වේ අපි ආවගමන් දීපුවා සේරම ගන්නවා කියා නේද?