(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහෙස්ත්‍රාත් මොහෝමඩ් රාෆි මහතා දෙපාර්ශවයටම අද (22) නියෝග කළේය.
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වලට අයිතිවාසිකම් කියන එක් පුද්ගලයකු විසින් මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
අධිකරණ නියෝග මත පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අම්පාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වල මැණුම් කටයුතු මෙතෙක් අවසන්ව නැති බව දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යතුළින් කරුණු අනාරණය වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨභය රාපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ඉඩම් ගැටළුව නිරකරණය කරන ලෙසට අදාල අංශවල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීමෙන් අනතුරුව පසුගිය 18 සහ 19 යන දිනයන්වල මුහුදු මහා විහාරයේ මැනුම් කටයුතු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.
මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් සම්බන්ධයෙන් විහාරස්ථානය හා එම ඉඩම් වලට අයිතිවාසිකම් කියන පුද්ගලයින් 13 දෙනෙකු අතර නඩු කටයුත්තක් පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරේ.
එම ඉඩම් සම්බන්ධයෙන් මැණුම් කටයුතු සිදුකිරීමේදී ඇතිවු තත්වයෙන් අනතුරුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව මෝසමක් මඟින් කැඳවනු ලැබු අවස්ථාවේදී අම්පාර පුරා විද්‍යා අධ්‍යක්ෂවරයාට අද (22) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කර තිබු නියෝගයකට අනුව අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අමතමින් මෙම ඉඩම්වල මැනුම්කටයුතු අවසන් කර ඇත්නම් එහි අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය අමතමින් මෙතෙක් එම මැනූම් කටයුතු අවසන්වී නැතැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.
මෙම පැමිණිල්ල ලබන අගොස්තු මස 05 වැනිදා කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, නීතියේ දෙවගන ඇස් බැඳගෙන ඉන්නේ සිංහල ජාතිය ඉදිරියේ විතරද කියලා? සිංහල මිනිහෙක් පුරාවිද්‍යා බිමක දර කෑල්ලක් අහුලගත්තත් රිමාන්ඩ් කරනවනේ...
අනවසර පදිංචිකරු "වැටත්" අධිකරණ "නියරත්" ගොයම් කා නම් කාට කියම්ද ඒ විපත්තිය...
මෙතරම් වටිනා පුරාවස්තු රාශියක් තිබෙන මෙම ප්‍රදේශය අධිරක්ෂිතයක් ලෙස ප්‍රකාශ කොට සියලු අනවසර පදිංචි කාරයින් වෙනත් තැනක පදිංචි කරන්න. මේක ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස සලකන්න එපා. මේක රටේ අවශ්‍යතාවක් මිසක් ජාතියක් ගාවා ගන්න එපා. පුරාවස්තු ආපසු මවන්න බැහැ...
මාවනැල්ලේ සෙල්ලිපිය ඇසිඩ් ගහලා විනාශ කරන්න හැදුවා මේ මිනිස්සු සාමයට පුදුම කරදරයක්...
බල ලෝබය නිසා දියවන්නාවේ සිටින සියලුම දේශපාලුවන් විසින් මුළු මහත් පුරවැසියන්ටම දී ඇති ගිනිගෙඩියේ විපාක අප ඇස් ඉදිරියේම සිදුවෙමින් පැවතීම මොනතරම් අවාසනාවක්ද? දියවන්නාව පාර්ලිමේන්තුවේ සිටින "225 ටම" මෙම අදහස් කිසිඳු වචනවල වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!!