ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද දිනයේදී වාර්තා විය.
අසල්වැසි ඉන්දියාවෙන් අද (20) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 14,516 දෙනකු වාර්තා වූ අතර වාර්තා වූ නව කොරෝනා ආසාදිත මරණ ගණන 375 කි.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,95,048ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 12,948 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ වනවිට අඛණ්ඩව දින නවයක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා විය.
ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට වන්නේ ද ඉන්දියාව යි.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd