(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
"අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා" යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දහවල් වාරියපොල දී පැවසීය.
එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන ඩී.බී. හේරත් මහතාගේ නිවසේ පැවැති ජනහමුවකදී අගමැතිවරයා ඒ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
දැන් මේවා ලියපු ඉදිරිපත් කරපු අයම කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ කියලා. අද තමුන්ණාන්සේලා මට වඩා හොදට දේශපාලනය දන්නවා. එදා වගේ නෙමෙයි හැමදෙනෙක්ම ඉතා සංවේදීව හොද අවබෝධයකින් ඉන්නවා.
තමුන්ණාන්සේලා දන්නවා 2015 දී අපි පැරදුනායින් පස්සේ මේ රටේ ඇතිවූ තත්වය. ඒ අවුරුදු පහ තුල රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගියා. අපි ගෙනාපු සංවර්ධනය ශක්තිමත් ආර්ථිකය කඩා වැටුනා. අපිට ආපහු බාරදුන්නේ කැඩිලා වැටිච්ච ණය වෙච්චි ආර්ථිකයක්. ඒ නිසා මේ තත්වයේ වෙනසක් ඇති කරන්න අපි දැන් සූදානම් වෙලා තියෙනවා. ඒ යුගයේදී ආර්ථිකය කඩාවැටීම නිසා විරැකියාව වැඩිවුණා. රටේ හැම අංශයකම දුර්වලතාවයක් පෙන්නුවේ පසුගිය වසර පහ තුල. පාරවල් ටික, වැව් අමුණු හදන එක විතරක් නෙමෙයි සම්පූර්ණ සංවර්ධනයම නැවතුනා. ඔවුන්ට ඒ සදහා විසදුම් තිබුණේ නැහැ. අඩුම වශයෙන් වන අලි ගැටලුව විසදීමටවත් ඔවුන් කටයුතු කලේ නැහැ. ඒ අලිමිනිස් ගැටුම නැවැත්වීමට පියවර ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ . මේ තත්වය යටතේ තමයි අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ.
ජනාධිපතිවරණය අවසන් වුනත් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් යනතුරු විසුරුවන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුවක් පිහිටෙව්වත් ඉදිරියට යන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. විපක්ෂයට වැඩියි. අපි මුදල් පනතක් ගේන්න උත්සාහ කල හැම වෙලාවකම විපක්ෂය ඒක පරාජය කරන්න බලනකොට අපිට පසුබහින්න සිදුවුණා.
අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇතිවුනු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුලුවන් කමක් නැහැ. ජනාධිපතිවරයාට නිදහසේ වැඩකටයුතු කරගෙන යා හැකි ජනාධිපතිවරයා නියෝජනය
නියෝජනය කරන පක්ශයේ සහයෝගය දක්වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එහෙම නැත්නම් මේ හේතුවෙන් බැටකන්නේ අවසානයේ ජනතාව. ඒක තමයි ඇත්ත කතාව.
අපි අද සූදානම් වෙලා තියෙනවා මේ කටයුත්ත කරන්න. අපි දන්නවා මේ ඩී.බී. හේරත් ඇමතිතුමා ප්‍රදේශයේ අගලක් පාසා දන්නවා. අපි හැම අවස්ථාවකදීම අපේක්ෂකයින් තෝරාගත්තේ ආසනය ගැන විතරක් බලලා නෙමෙයි, තමන්ගේ දිස්ත්‍රික්කය පිලිබඳවත් හොද අවබෝධයක් තිබෙන උදවිය. දිස්ත්‍රික්කයේ හා ආසනයේ සංවර්ධන කටයුතු පිලිබඳව අවබෝධයක් තිබෙන අය. ඒ විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය ගැන, ලෝකය ගැන, දියුණු වන රටවල් ගැන අවබෝධයක් තියෙන අය අපි තෝරාගත්තා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් අපට විහිළුවක් වෙලා දැන්...
කොරෝනා අතරේ අප්‍රේල් මාසයේ මැතිවරණයට විරුද්ධ වෙන්න කොමිෂන් සභාවට බලය ලැබුණා. ඒකෙන් ලංකාව මිනී පිට්ටනියක් වෙනඑක වැළකුණා. දූෂිත දේශපාලනයකට අවශ්‍ය විදිහට පොලිසිය නවත්තන්න බැරිවුණා. දූෂිත දේශපාලනයට අවශ්‍ය විදිහට උසාවිය නවත්වන්න බැරිවුණා. හෙන්චයියන්ව පොහොසත් කරමින් දිවිඇති තෙක් සිටීමේ අවස්ථාව නැති කළා. 19 ජනතාවට හරි හොඳයි...
2/3 බලයක් තිබුණු කාලේ රටට සරිලන ක්‍රමයට වෙනස් නොකර මේ දැන් කුමකටද?
ඡන්ද අපේක්ශක ලැයිස්තුව මෙතුමා කියන විදියට "රටේ ආර්ථිකය ගැන, ලෝකය ගැන, දියුණු වන රටවල් ගැන අවබෝධයක් තියෙන අය" නමුත් බහුතරය කසිප්පු මුදලාලිලා, රත්තරං හොරු, මහජන මුදල් කොල්ල කාපු අය. පොහොට්ටුවේ ලැයිස්තුවෙන් 80% කටම අපොස (සා.පෙල) වත් සමත් නැහැ. ඉතින් උන් දන්න එකම දෙය තමයි "හොරකම් කිරීම"... අනිත් එක ඔබතුමා කියන විධියට පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ "පොල් ලෙලි". පොල් ලෙලි කොහේද රටට ආදරේ වෙන්නේ...? "පොල්ලෙලි වලට හැඟීම් නැහැ." කොළඹ-මාලඹේ සැහල්ලු දුම්රිය මාර්ගය ජපන් ආධාර යටතේ 0.1% පොලියට කරපු ව්‍යාපෘතිය නිමාකොට, 6% පොලියකට චීනෙන් ගන්නවා. ක්‍රිකට් ටීම් එකක් නැති වුණාට ලංකාවේ ලොකුම පිට්ටනිය හදනවා. කොහොම වුණත් තව අවුරුදු 5-10 කින් ලංකාව චීන කොලනියක් කරලා (ණය අරගෙන ගෙවාගන්න බැරි වුණාම - හම්බන්තොට වරායට වගේ) ලංකාව චීනයට ලියලා දීලා, ලංකාවේ හැමෝටම "චීන පාස්පෝර්ට්" අරගන්න පුලුවන් වේවි. ජය වේවා..!
ව්‍යවස්ථාවට, කොම්ෂන් සභා වලට උසුලු විසුළු කළා... මේ එනපොට හරි නැහැ පුතෝ... මෙයා යන්නේ ඒකාධිපති අඩිපාරේ.. ඡන්දෙ මේ අයට දෙන්න ඉන්න අය දෙපාරක් හිතන්න ඕනේ. නැතිනම් ආයෙත් ඇද ඇද ඉන්න වෙයි. නොකිව්වා කියන්න එපා.. ඕන්න කිව්වා.
19 විතරක් නොවෙයි සර් .., ඔයාලා 225ම විහිළු තමයි අපිට නම්...
පොහොට්ටුවේ ඉන්න කට්ටියත් ඕකට ඉතින් ඡන්දෙ දුන්නනේ...
19 වන ව්‍යවස්ථා සංශෝධනය නෙමෙයි විහිළුව, අද කරන වැඩයි විහිළු... කෝවිඩ් නීති අමුඅමුවේ කඩනවා, රණවිරුවන් 2000- 3000ක් මරාපු අය දාලා නැගෙනහිර ඡන්දෙ ඩැහැ ගන්නවා. දකුණේ රණවිරුවන් විකුණලා සිංහල බෞද්ධ ඡන්ද කඩා ගන්නවා. එක පැත්තකින් 2011ක් කරපු මැච් ෆික්සින්. මේ පාර බබා පාට් හරියන්නේ නැති බව දැනගන්න...
ඔව් ඉතින් හිතෙන හිතෙන විදියට නටන්න බෑනේ.
මට නම් හිතෙන්නෙම ඔයාලා විහිළුවක් වෙලා කියලා..
මෙයා දැන් 19 ගැන කතාකරනවා. මෙයාගේ උප නායක සහ හිටපු උපදේශක කරුණා ආඩම්බරයෙන් කියනවා අපේ හමුදාවේ දාස් ගණන් ඝාතනය කල බව. ඔහු දිනලා ආවොත්, ඔහුත් මෙයාගේ ආණ්ඩුවේ ඇමති. ලැජ්ජයි.
එතකොට ආඥාදායක 18 වන සංශෝධනය හොඳයි නේද... ජනාධිපතිට ඕන කාලයක් බලයේ ඉන්න. අපේ රටේ ඉන්න මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ. 69 ලක්ෂයක් මෝඩ නුගත් ගෝත්‍රිකයින් ජිවත්වන රටකට මොන ප්රජාතන්ත්රවාදයක්ද. ඕන දෙයක් කරගන්න. ඔය ඡන්දෙ දුන්න අයම තමයි විඳවන්නේ. මට සල්ලි තියෙනවා. මට කොහෙත් සතුටින් ජීවත්වෙන්න පුළුවනි. සමාජ මෙහෙවරක් නිසයි මම මේ තරම් මේ පවුලේ දුෂණ ගැන පෙන්වලා දුන්නේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස් කළයුතු නම් කළයුත්තේ ඔබ පවුලේ මෙන් වෙනත් පවුල්වල විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් හට දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබාදීමට පමණි. විදේශ පුරවැසිකම් හිමි ලංකාවේ රජයේ සේවයට එක්ව සේවයේ දීමට හැකියාව ලබාදී ඇත්නම් ලංකාවේ ඉපිද වෙනත් රටක පුරවැසිකම ලද ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වීමට කැමති පුද්ගලයන් පමණක් අවහිරකරන කොටස ලංකාවේ 19 වැනි සංශෝධනයට ඇතුළත් වූයේ කෙසේද? ලෝකයේ වෙනත් රටවල් සමග වැරදිකරුවන් හුවමාරු කර ගැනීමට ගිවිසුම් තිබේ නම් මෙවැනි අවහිර කිරීම්වලින් කිසිදු ඵලක් නොමැත. වැරදි කරනුයේ දේශපාලකයින් පමණක් නම් මෙම අවහිරකිරීම අදාල වන නමුත් ගැඹුරින් සලකා බැලීමේදී මෙම අවහිර කිරීම ප්‍රායෝගික නොවන බව සහ 19 වැනි සංශෝධනයට මෙම අදහස ඉදිරිපත් කළ පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ පුළුල්ව නොසිතන කණඩායමක් වන්නට ඇත. 19වැනි සංශෝධනයේ තිබෙන්නා වූ බොහොමයක් කරුණු සුබවාදී බව සහ එමගින් ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතන ආරක්ෂා වන බව පිළිගනිමු...
දේශපාලකයින් ඔක්කොම විහිළුවක් වෙලා... එන්න එන්නම ජනතාව නැති බැරිකමින් පීඩාවට පත්වෙනවා.
සහතිකම ඇත්ත. මෙම නිසානේ පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම වැනි කොමිසන් පිහිටුවලා තියෙන්නේ. ඒ වගේමයි ජනාධිපතිවරණයෙන් ජනාධිපති පත්කළාම පාර්ලිමේන්තුවේ අඩු පිරිසක් සිටින පක්ෂයෙන් අගමැති හා ඇමතිවරුත් පත්කරන්නේ. මේ නිසා මෙයින් පස්සෙවත් 19 අහෝසිකරලා ජනාධිපති පත්කරන මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවත් පත්කරන්න කටයුතු කළොත් විහිළුවත් අහෝසි කළ හැකියි මැතිවරණ දෙකකට වැයවන කෝටි 1600ක් පමණ වන ජනතා මුදල් කෝටි 1000කින් පමණ පිරිමසා ගන්නත් හැකිවේවි...!!!
අපිට නම් ඔය දේශපාලුවන් ඔක්කොම විහිළුවක් තමයි.
19 විතරක් නොවේ... ඔයාලා ඔක්කොම අපිට විහිළුවක් මහත්තයෝ...
මුළු ලංකාවම ලෝකය ඉදිරියේ විහිළුවක් කළ හැටි මතක නැද්ද?
19 විහිළුවක්. එතකොට 18 එක් පවුලක් පෝසත් කරන්න? 20 කොහොමද වේවි? 13ත් ඉන්දියාවේ උවමනාවට. මේකෙන් ඉතා පැහිදිලි, සම්පූර්ණ බලය තමන් සතුව තියගන්න ඕනේ. තමාගේ සහෝදරයා සතුව බලය තියන්නෙත් අකමැති. මොනතරම් බල තන්නාව මේක. බලනකොට රට සහ ජනතාව වෙනුවෙන් සම්මත කල සංශෝදන ඉතා අල්පයි.
මෙයාලගේ කථාවෙන් පේන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය පොහොට්ටුව බලයට ආවොත් නැතිකර දමන බවයි. කොහොමත් 19 අයින් කරගන්නේ කොහොමද කියලා මෙයාලා බලබල ඉන්නේ... ඒ නිසා ඡන්දය දීමට පෙර කීපවරක් සිතා බලා ඡන්දය දෙන්න.