(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ පැල්මඩුල්ල දිප්පිටිගල ප්රදේශයේ දි අද (20) උදෑසන ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන්හැවිරිදි දැරියක් මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
රත්නපුර සිට බලන්ගොඩ දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් දිප්පිටිගල ප්රදේශයේ බස් නැවතුමක නතර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෑන් රථයේ පිටුපස කොටස බසයේ ගැටීමෙන් වෑන් රථයේ පිටුපස අසුනේ කෙලවරක සිටි තුන් හැවිරිදි දැරිය එම ස්ථානයේදීම මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුපසින් සිට හප්පා තියෙන්නේ.. වරද සීටීබී රියදුරා අතේ !... අනේ ! වසර තුනේ පුංචි මල් කැකුලට මොනවා සිතුණාද දන්නේ නැහැ.. පිටුපසින් පැමිණි මාරයා ක්ෂණයකින් පුංචි ශරීරය තලා පොඩිකර දාන්න ඇති.. කිසිවෙකුට වරදක් හෝ අහිතක් නොපැතූ මේ පුංචි සුරතලියගේ දිවි උදුරාගත් හැටි... මේ ඉන්දියානු ලොරි චැසි බස් පාරේ ධාවනය වෙන අයුරු අන්තිමයි. සීටීබී එකේ ඒකාලේ ගෙන්වපු බස් තවමත් දුවනවා පේනවා. මේවා නඩත්තුවට විශාල මුදල් වැයවෙනවා. ඒත්, වයසට ගිය ආච්චිව කවදාවත් මනාලියෙකු කරන්න පුලුවන්ද? අන්න ඒ වගේ උත්සාහයක තමයි මේ යෙදෙන්නේ. සමහර ඒවායේ කළුදුම පරිසර දූෂණය ඇති කරනවා. ඒත්, මේවාට දුම් වාර්තා නැහැ. එක හොඳක් වෙනවා. ඒක තමයි මදුරුවන් පලායාම..
දැන් ඉතින් නැවතත් දවස ගානේම අහන්න ලැබෙන්නේ මේ වගේ අවාසනාවත්ත දේවල් .මාස 3 ක පමන කාලයක් ඇඳිරි නීතිය තිබුන නිසා අනතුරු අඩුවී තිබුනා. නැවතත් සුපුරුදු දේවල් පටන් අරගෙන. නොසැලිකමත් මෙයට බලපානවා. අසරන පොඩි දරුවෙක් මරණයට පත්වෙලා. හරිම කණගාටුදායකයි. එම දරුවාට නිවන් සුව ප්රාර්ථනා කරමි.
ලංගම බස් රථ රියදුරෙකුගේ තවත් වීර ක්රියාවක්... හුගක් ලංගම රියදුරන් පාරේ යන්නේ තමන්ගේ බස් එක විතරක් පාරේ යනවයි කියල හිතාගෙන...