(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසිය.
කොළඹ කොටුව සිට සිට දිනපතා උදැසන 9.30 බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන 1007 දුම්රියේ නැරඹුම් මැදිරිය (20) දින පස්වරු 5.30 ට පමණ පිලි පැනිමට ලක් වි ඇත.
පිලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරි වලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගින්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා 1007 දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා පැවසිය.
පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තරමක් ප්රමාද වන බවත් , පිලි පැනිමට දුම්රිය මැදිරිය යලි පිලි ගත කිරිමට කටයුතු කරන බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් දෙයක් නොවේ. සේවකයන් කොච්චර හිටියත් මේ මාර්ගය හරියට නඩත්තු කරන්නේ නැහැ. කාර්යාල දුම්රියවල මිනිස්සු දාස් ගාණක් යනඑන දක්ෂිණ දුම්රිය, කැලණිවැලි දුම්රිය, පුත්තලම වගේ මාර්ග වගේ මාර්ගවල පීලි පනින එක නිතරම වෙනවා. මෙයාලත් සිල්පර කොට ගලවලා අලුතින් දාලා නිකන් ඉන්නවා.