(රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් මාර්ගයෙන් කරච්චි මුහුදු සීමාවේදී රැගෙන එමින් සිටි අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබීමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බව නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ත් 40 ත් වයස් වන පසුවන අතර ඔවුන් සහ කේරලගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමටට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කේරළ ගංජා සෙල්ලම එතරම් හොඳ ප්‍රතිඵල ගෙනෙයි කියා සිතන්නට බැහැ. මන්දයත්, මේ මාර්ගයෙන් හමුදා හා පොලීසිවල අයටත්, අනතුරුව රටටත්, කොරෝනා ආවොත්..?