(එම්.කේ. නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
අප රට තුළ කොරෝනා වසංගතය යම් මට්ටමකට මැඩ පැවැත්වුවද ඉන්දියාව, තමිල් නාඩුව වැනි රට වල බරපතළ අයුරින් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා අප රටේ ජනතාවද ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතු බවද කියා සිටියේය.
යමිකිසි විදියකින් කොරෝනා වයිරසය ආසාධිතවූ පුද්ගලයෙකු දේවාලයේ බැතිමතුන් පිරි සිටින අවස්ථාවක ඇතුළු වුවහොත් කතරගම ඇතුළු රට පුරා මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, කතරගම ප්‍රදේශය ද වසා දැමීමට සිදු වන බවත් අවධාරණය කළේ ය .
මේ නිසා දුරස්ථභාවය, මුඛ ආවරණ, දෙඅත් සේදීම වැනි නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ ම පිළිපැදිය යුතු බවද දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොණ්ඩමන්ලාට නැති පෙරටුගාමීන්ට ඇති, රාජපක්ෂලාට නැති කතරගමට ඇති ශ්‍රී ලංකාවේ අරුම පුදුම නීතිය..
ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා ලෝකේ පුරාම. ඉන්දියාව දිහා බැලුවාම තත්වය තේරෙනවා. රටවල් ආර්ථික වශයෙක් අන්තෙටම වැටිලා. මෙහේ පෙරහැර කරනවා සෙනග රැස් කරගෙන. එලොව යන්න වෙන් ඇති. ගියාට කමක් නැහැ. රටේ අනෙක් මිනිස්සුන් පව් ගෙවන්නේ මේ කරන වැඩවලට...
කොරෝනා වෙලාවේ ශේප් එකේ දිව්‍ය ලෝකේ පැත්තේ ගිහින් හිටියට දැන් ඇවිල්ලා... මේ දිසාපතිතුමාට මොන දඬුවමක් දෙයිද දන්නේ නැහැ.
මහත්තයෝ කරලා පෙන්නන්ට...!
දෙයියෝම බලාගන්න ඕනේ...
කවුද ඉතින් බස්නායක නිලමේ.? එයාටත් නඩුවක් දාන්න පුලුවන්ද.?